“මා වැනි පළපුරුදු ක්‍රීඩකයෙක් එසේ ප්‍රතික්‍රියා නොකළ යුතුව තිබුණා” : ශකිබ් සමාව අයදියි

Date:

ඩකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර දී විනය විරෝධී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක සහ Mohamedan ක්‍රීඩා සමාජයේ නායක ශකිබ් අල් හසාන් සිය කනගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින්.

අදාළ තරගාවලිය යටතේ Mohamedan ක්‍රීඩා සමාජය සහ Abahani Limited කණ්ඩායම අතර ඩකාහි ෂරී බංග්ලා ක්‍රීඩාංගනයේ අද(11) පැවැති තරගයේ දී යි මෙම විනය විරෝධී හැසිරීම සිදුව තිබුණේ.

එහිදී ශකිබ් අල් හසාන් පන්දු යවමින් සිටින අතරතුර දී මුෂ්ෆිකර් රහීම් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමින් දවා ගැනීම සදහා ඔහු විනිසුරුගෙන් ඉල්ලීමක් සිදු කළා.

කෙසේ වෙතත්, රහීම් නොදැවුණු පිතිකරුවෙකු ලෙස විනිසුරු නම් කිරීමත් සමග දැඩි කෝපයට පත් ශකිබ් අල් හසාන් පන්දු යවන්නාගේ අන්තයේ ඇති කඩුල්ලට දැඩි ආවේගයෙන් පා පහරක් එල්ල කර එය බිද දමනු දක්නට ලැබුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Mohamedan ක්‍රීඩා සමාජය කඩුලු 6ක් දැවී ලකුණු 145ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Abahani Limited කණ්ඩායම පන්දුවාර 5.5ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 31ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

පසුව විනිසුරුවන් විසින් තරගය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කිරීමත් සමග කෝපයට පත් වූ ශකිබ්, පන්දු යැවිමේ අන්තයේ ඇති කඩුල්ලේ ඉනි තුනම ගලවා විසි කළ අතර, අනතුරුව විනිසුරු සමග ද උණුසුම් වචන හුවමාරුවක නිරත වුණා.

“මා වැනි පළපුරුදු ක්‍රීඩකයෙක් එසේ ප්‍රතික්‍රියා නොකළ යුතුව තිබුණා.” යනුවෙන් ශකිබ් අල් හසාන් තරගයෙන් අනතුරුව සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කරමින් සදහන් කළා.

“මෙම මානව වැරැද්ද සම්බන්ධයෙන් කණ්ඩායම්වලින්, කළමනාකාරිත්වයෙන්, තරඟාවලි නිලධාරීන් සහ සංවිධායක කමිටුවෙන් මම සමාව අයදිනවා. අනාගතයේදී මෙය නැවත නොකිරීමට මම බලාපොරොත්තු වෙනවා”

ශකිබ්ගේ කණ්ඩායම මෙම තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 31ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

මෑතකදී ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පැනවූ ක්‍රිකට් තහනමකට ද යටත්ව සිටි ශකිබ් අල් හසාන් මෙම තරගයේ Mohamedan ක්‍රීඩා සමාජය වෙනුවෙන් ලකුණු 37ක් රැස් කළා.

එය ඔහු මෙවර ඩකා ප්‍රිමියර් ලීග් 20යි 20 තරගාවලියේ දී වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

ALSO READ : ශකිබ්ගේ කණ්ඩායම බුබුල කැඩූ බවට චෝදනා; පරීක්ෂණත් ඇරඹේ

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...