රෂීඩ්ගේ කඩුලු පහේ සුපිරි දක්ෂතාවය හමුවේ පෙෂාවර් අසරණ වෙයි

Date:

රෂීඩ් ඛාන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ අසරණ වූ පෙෂාවර් සල්මි කණ්ඩායමට මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ 17 වන තරගයෙන් ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම හමුවේ ලකුණු 10ක පරාජයක් අත්විදීමට මෙරට වේලාවෙන් අද(11) අලුයම සිදු වුණා.

අබුඩාබි හි පැවැති මෙම තරගය මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 11.30ට ආරම්භ වූ අතර, තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වුණේ පෙෂාවර් කණ්ඩායමයි.

ඒ අනුව ඔවුන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ලාහෝර් පිල කඩුලු 8ක් දැවී ලකුණු 170ක් රැස් කළා.

ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 25ක් තුළ දැවී ගියේ ෆකාර් සමාන් එක් ලකුණකටත්, සොහයිල් අක්තාර් ලකුණු 7කටත්, මුහම්මද් ෆයිසාන් ලකුණු 8කටත්, මොහොමඩ් හෆීස් ලකුණු 2කටත් දැවී යාමත් සමගයි.

අනතුරුව බෙන් ඩන්ක් සහ ටිම් ඩේවිඩ් අතර 5 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 81(50)ක සබදතාවයක් ගොඩ නැගුණා.

ටිම් ඩේවිඩ් නොදැවී ලකුණු 64ක් රැස් කළේ පන්දු 36කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 3ක් සමගින්.

බෙන් ඩන්ක් ලකුණු 48ක් සහ ජේම්ස් ෆෝල්ක්නර් ලකුණු 22ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පෙෂාවර් කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 160ක් පමණයි.

ෂොයිබ් මලික් ලකුණු 73කට දැවී ගියේ හිට් විකට් දැවී යාමකට ගොදුරු වෙමින්.

පන්දු 48කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 7ක් ඇතුළත්.

ලාහෝර් කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ රෂීඩ් ඛාන් නිලකුණු පන්දුවාරයක් ද සමගින් ලකුණු 20ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දී බිද හෙලූ කඩුලු සංඛ්‍යාව 5ක්.

එය ඔහු පන්දුවාර 20යි 20 ලීග් පිටියේ දී ඉනිමක කඩුලු 5ක් බිද හෙලූ පළමු අවස්ථාවයි.

මීට පෙර ජාත්‍යන්තර 20යි 20 තරගවලදී රෂීඩ් ඛාන් අවස්ථා දෙකකදී ද එම දක්ෂතාවය දැක්වීමට සමත්ව තිබුණා.

මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ සිය ආධිපත්‍ය තවදුරටත් තහවුරු කර ගැනීමට ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම සමත් වුණේ තරග 6කදී ජයග්‍රහන 5ක් වාර්තා කරමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...