පළමු දිනයේ කඩුලු 14ක් බිද වැටෙයි; දකුණු අප්‍රිකාව ලකුණු 31ක් ඉදිරියෙන්

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු දිනය මෙරට වේලාවෙන් අද(11) අලුයම නිමා වුණා.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 128ක්.

ඒඩ්න් මාක්‍රම් ලකුණු 60ක් රැස් කළ අතර, රසී වැන් ඩර් ඩුසේන් නොදැවී ලකුණු 34යි.

ඩීන් එල්ගර් ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායකත්වයට පත් වීමෙන් අනතුරුව දකුණු අප්‍රිකාව ක්‍රීඩාකළ පළමු ටෙස්ට් තරගය මෙය වන අතර, ඔහු ලකුණු නොලබා දැවී ගියේ කෙමා රෝච්ගේ පන්දුවක් හමුවේයි.

මෙම තරගයේ දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට කීගන් පීර්ටසන් සහ Kyle Verreynne සමත් වුණා.

ඔවුන් දෙදෙනා පිළිවෙලින් ලකුණු 19ක් සහ ලකුණු 6ක් ලබා සිටියදී දැවී ගියා.

පන්දු යැවීමේ දී සිය මංගල ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ 19 හැවිරිදි ජෙයිඩන් සීල්ස් කඩුලු 3ක් බිද හෙලමින් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සාර්ථක ආරම්භයක් ලබා ගත්තා.

ශාන්ත ලුසියා හී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ගත් එම තීරණයට කිසිදු පිතිකරුවෙකු සාධාරණයක් ඉටු කළේ නැහැ.

ඒ අනුව කොදෙව් පළමු ඉනිම ලකුණු 97කට සීමා වුණා.

ජේසන් හෝල්ඩර් ලකුණු 20ක් රැස් කළ අතර, බ්‍රැත්වෙයිට් සහ ශායි හෝප් ලකුණු 15 බැගින් රැස් කළා.

අගනා පන්දු යැවීමක නිරත වූ ලුන්ගි එන්ගිඩී ලකුණු 19කට කඩුලු 5ක් දවා ගත් අතර, ඔහුට අනගි සහායක් ලබා දුන් අන්රිච් නොකියා ලකුණු 35කට කඩුලු 4ක් දවා ගත්තා.

ඒ අනුව දකුණු අප්‍රිකාව මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 31ක්.

මෙය 2010 වසරෙන් පසුව කොදෙව් දේශයේ දී දකුණු අප්‍රිකාව ටෙස්ට් තරගයක නිරත වන පළමු අවස්ථාවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...