චමීර ඇතුළු එංගලන්ත සංචාරයට ඇතුළත් වේග පන්දු යවන්නන් 10 දෙනා

Date:

විස්සයි විස්ස තරග තුනක් සහ එක්දින තරග තුනක් ක්‍රීඩා කිරීමේ අරමුණින් අද අලුයම එංගලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට එරටට ළගා වී තිබෙනවා.

එම තරගාවලි දෙක ක්‍රීඩා කිරීම වෙනුවෙන් තෝරාගත් ක්‍රීඩකයන් 24 දෙනෙකුගෙන් යුත් සංචිතය ඊයේ (08) නිල වශයෙන් මාධ්‍යට නිකුත් කෙරුණු අතර, ඒ පිළිබද තොරතුරු අප මීට පෙර ඔබට වාර්තා කළා.

මෙවර එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් දෙකේම නායකත්වය කුසල් පෙරේරාට හිමිව ඇති අතර, ඒ අනුව විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය සදහා මීට පෙර නම් කර සිටි දසුන් ශානකට කණ්ඩායම මෙහෙය වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

කසුන් රාජිත මෙම සංචිතයට නම් කර ඇති බවට මීට පෙර තොරතුරු වාර්තා වී තිබූ නමුත්, ඊයේ ප්‍රකාශයට පත් කෙරුණු සංචිතයට ඔහු ඇතුළත්ව සිටියේ නැහැ.

ඔහු වෙනුවට සංචිතයට නම් කර සිටියේ මංගල ටෙස්ට් තරගයේ දී වාර්තා ගත දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමයි.

දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, ඇන්ජෙලෝ මැතිව්ස් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඇතුළත් නොවුණ ද යොවුන් ක්‍රීඩකයන් රැසකගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම, ලොව ප්‍රබලම එක්දින කණ්ඩායමක් වන ලෝක ශූර එංගලන්තයට අභියෝගයක් එල්ල කරනු ඇති බවටයි ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් බලාපොරොත්තුවෙන් පසුවන්නේ.

එංගලන්ත තණතීරු දඟ පන්දුවට සාපේක්ෂව වේග පන්දුවට වඩාත් සහයෝගයක් ලබා දෙන බැවින් මෙම සීමිත පන්දුවාර තරග සංචාරයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් හට සුවිශේෂී කාර්යය භාරයක් පැවරෙනු ඇති.

එහිදී පසුගිය තරගවල ඉහළ දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයකට ලක්ව ඇති බව රහසක් නොවේ.

ඔහුට අමතරව අත්දැකීම් බහුල ක්‍රීඩක නුවන් ප්‍රදීප් ද මෙම සංචිතයට ඇතුළත්.

වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයන් පස් දෙනෙකු සහ ප්‍රධාන වේග පන්දු යවන්නන් පස් දෙනෙකු එංගලන්තයට එරෙහි සංචිතයට නම් කර තිබෙනවා.

එම ක්‍රීඩකයින් පහතින් –

  • වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයන්

01. දසුන් ශානක
02. ඉසුරු උදාන
03. චාමික කරුණාරත්න
04. ධනංජය ලක්ෂාන්
05. ඉශාන් ජයරත්න

  • වේග පන්දුයවන ක්‍රීඩකයන්

06. ශිරාන් ප්‍රනාන්දු
07. බිනුර ප්‍රනාන්දු
08. දුෂ්මන්ත චමීර
09. අසිත ප්‍රනාන්දු
10. නුවන් ප්‍රදීප්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...