එංගලන්තයට එරෙහි අවසන් තරගයට බෝල්ට් ක්‍රීඩා කරන ලකුණු

Date:

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට්ට එංගලන්තය සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, බ්‍රිතාන්‍ය රජය විසින් නිරෝධායන නීති ලිහිල් කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන්.

මෙවර අයි.පී.එල් තරගාවලිය අතරමගදී අත්හිටුවීමට පියවර ගැනීමෙන් පසුව ඔහු යළි නවසීලන්තය බලා පිටත්ව ගිය අතර, අනතුරුව පවුලේ සාමාජිකයින් සමග කාලය ගත කිරීමෙන් අනතුරුවයි එංගලන්තය වෙත පැමිණියේ.

එංගලන්තයට පැමිණීමත් සමග ඔහු ගත කළ යුතු නිරෝධායන කාලසීමාව නව නීති රීති අනුව දින 4කින් පමණ අවම වී ඇති බව සදහන්.

ඒ අනුව ඔහුට දෙවැනි ටෙස්ට් තරගය සදහා බොහෝ විට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වනු ඇති.

පැවැති නිරෝධායන නීති හේතුවෙන් ට්‍රෙන්ට් බෝල්ට් ජූනි 18 වනදා ආරම්භ වන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය සදහා පමණක් ක්‍රීඩා කිරීමටයි මීට පෙර අපේක්ෂාවෙන් පසු වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...