දසුන්ගේ සුපිරි පිතිහරඹය නිසා මෙන්ඩිස්ගේ කණ්ඩායම T20 තරගය පරදියි

Date:

මහනුවර දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් සදහා පැවැත්වෙන නේවාසික පුහුණු කදවුර යටතේ අද(1) දිනයේ දී පුහුණු පන්දුවාර 20යි 20 තරගයක් පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා.

එහිදී කණ්ඩායම් දෙකේ නායකත්වය දරනු ලැබුවේ කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා විසිනුයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 189ක් ලබා ගත්තා.

දිනේෂ් චන්දිමාල් පන්දු 32කදී නොදැවී ලකුණු 63ක් සහ තිසර පෙරේරා පන්දු 28කින් නොදැවී ලකුණු 50ක් රැස් කළා.

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 28කින් ලකුණු 42 යි.

පන්දු යැවීමේ දී ඉසුරු උදාන, නුවන් ප්‍රදීප් සහ දිල්රුවන් පෙරේරා එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ධනංජය ද සිල්වාගේ කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 4ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 6ක් දැවී සිටියදීයි. (191/6)

දසුන් ශානක පන්දු 33කින් වේගවත් ලකුණු 77ක් රැස් කළා.(4×6 6×6)

ධනංජය ද සිල්වා ලකුණු 42ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 31ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ලක්ෂාන් සදකැන්, සුරංග ලක්මාල් සහ කසුන් රාජිත කඩුලු 2 බැගින් බිද හෙලුවා. (සදකැන් 2/27, ලක්මාල් 2/32, රාජිත 2/37)

ඒ අනුව මෙම තරගයෙන් ධනංජය ද සිල්වාගේ කණ්ඩායමට කඩුලු 4ක ජයක් හිමි වුණා.

ක්‍රිකට් පුවත් එසැණින් දැන ගැනීමට hitwicket.lk අපගේ ෆේස්බුක් පිටුව සමගින් මෙතැනින් එක්වන්න 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...