ශහඩාට් හුසේන්ගේ තහනම ලිහිල් කෙරේ

Date:

මාස 18ක කාලයක් තරග තහනමට ලක්ව සිටීමෙන් පසුව බංග්ලාදේශයේ ශහඩාට් හුසේන් යළි ක්‍රිකට් පිටියට පිවිස තිබෙනවා.

ඒ, ඔහුට එරෙහිව එරට ක්‍රිකට් ආයතනය පනවා තිබූ වසර 5ක තරග තහනම ලිහිල් කරන ලෙසට ඔහු ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුයි.

2019 වසරේ නොවැම්බර් මාසයේ දී ශහඩාට් හුසේන්ට අදාළ තරග තහනම පැනවුණේ පළමුපෙල තරගයක් අතරතුර සිය කණ්ඩායමේම ක්‍රීඩකයෙකුට පහර දීමේ වරදක් හේතුවෙන්.

කෙසේ වෙතත්, අභියාචනය සලකා බැලීමෙන් පසුව යළි ඔහුට ක්‍රිකට් පිටියට පිවිසීමේ අවසරය ලබා දීමටයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.

පිළිකා රෝගයෙන් පෙළෙන ඔහුගේ මවට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා මුදල් උපයා ගැනීමේ අවශ්‍යතාවය ද ශහඩාට් හුසෙන්ට පැවතුණා.

මේ වන විට එරට පැවැත්වෙන ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ද ඔහු ක්‍රීඩා කරමින් සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...