තවත් එංගලන්ත ක්‍රීඩකයෙකුට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වෙයි

Date:

වමත් වේග පන්දු යවන ක්‍රීඩක රීස් ටොප්ලිට (Reece Topley) මෙවර එංගලන්ත ගිම්හාන ජාත්‍යන්තර තරග වාරයේ සීමිත පන්දුවාර තරග සියල්ල අහිමි වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට ප්‍රාන්ත තරගාවලියේ දී සරේ දෙවන පෙළ කණ්ඩායම නියෝජනය කළ ඔහු එසෙක්ස් (Essex) දෙවන පෙළ කණ්ඩායම සමග පැවැති තරගයේ දී ආබාධයකට ගොදුරු වීම හේතුවෙන් මෙලෙස මෙවර ජාත්‍යන්තර තරග වාරය අහිමි වී ඇති බව සදහන්.

සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔහුට සති 4ත් – 6ත් අතර කාලයක් විවේක ගැනීමට සිදු වන බවයි.

මෙවර ගිම්හාන තරග වාරයේ දී එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව 20යි 20 තරග 3ක් සහ එක්දින තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

අනතුරුව ඔවුන් පාකිස්තානයට එරෙහිව ද තරග 6ක් ක්‍රීඩා කිරීමටයි නියමිතව ඇත්තේ.

ජූනි 23 වනදා සිට ජූලි 20 වනදා දක්වා ශ්‍රී ලංකාවට සහ පාකිස්තානයට එරෙහි තරගාවලි පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

එංගලන්ත සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්ට සහ වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර්ට ද ආබාධ හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලි අහිමි වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...