තෙවැනි දිනය වැස්සට යට වෙයි

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය වර්ෂාව හේතුවෙන් අද(4) සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදු වුණා.

ඒ අනුව හෙට(5) සහ අනිද්දා(6) දිනවලදී දිනකට පන්දුවාර 98 බැගින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇති.

කෙසේ වෙතත්, එම දින දෙක තුළ තරග ආරම්භක වේලාවෙහි වෙනසක් සිදු නොවන අතර, ඒ අනුව සුපුරුදු පරිදි එරට වේලාවෙන් පෙරවරු 11ට (මෙරට වේලාවෙන් පස්වරු 3.30ට) තරගය ආරම්භ කිරීමට නියමිතයි.

නමුත්, එම දිනවලදී තරගය අවසන් කෙරෙන වේලාව පැය භාගයකින් ඉහළ නැංවීමට කටයුතු කරනු ඇති.

තරගයේ දෙවන දිනය වූ ඊයේ(3) දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් එංගලන්තය කඩුලු 2ක් දැවී ලකුණු 111ක් ලබා සිටි අතර, ඒ අනුව ඔවුන් පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 267ක්.

නායක ජෝ රූට් නොදැවී ලකුණු 42ක් සහ රොරී බර්න්ස් නොදැවී ලකුණු 59ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී කයිල් ජමිසන් සහ ටිම් සවුති එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 378ක් රැස් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...