නව පත් කිරීම් දෙකක් SLC තහවුරු කරයි

Date:

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න මහතා පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(4) නිල වශයෙන් තහවුරු කළා.

ඒ අනුව ජූනි පළමු වැනිදා සිට ඔහුගේ ධූර කාලය ආරම්භ වී ඇති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මීට පෙර ඔහු ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත්, නැගී එන කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙසත් කටයුතු කළා.

පසුගිය වසරේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් පළමු අදියරේ දී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් ද තිලකරත්න මහතා කටයුතු කළා.

මේ අතර, ජාතික කණ්ඩායමේ ප්‍රධාන භෞත චිකිත්සක ලෙස Brett Harrop පත් කර තිබෙනවා.

පසුගිය මැයි 21 වනදා සිට වසර දෙකක කාලයකට බලපැවැත්වෙන පරිදි ඔහුගේ පත් කිරීම සිදු කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

හිටපු ඔස්ට්‍රේලියානු පළමු පෙල ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සම්බන්ධ වීමට පෙර නවසීලන්ත ක්‍රිකට් ආයතනය, බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සමග මෙන්ම කිංග්ස් ඉලවන් පංජාබ් සහ ලාහෝර් කලැන්ඩර්ස් යන කණ්ඩායම් සමග ද කටයුතු කළා.

මේ වන විටත් දිවයිනට පැමිණ ඇති Brett Harrop නිරෝධායන කාලය අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.

ඔහු එළඹෙන එංගලන්ත සංචාරය සදහා ද එක් වන බව ක්‍රිකට් ආයතනය සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...