එංගලන්තයට එරෙහි අවසන් සංචිතයෙන් 4ක් කැපෙයි; අවිශ්ක, ධනංජය, ප්‍රදීප් සංචිතයට

Date:

එළඹෙන එංගලන්ත තරග සංචාරය වෙනුවෙන් ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් යුත් අවසන් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර ඇති බව වාර්තා වනවා.

මීට පෙර ක්‍රීඩකයින් 28 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් එංගලන්ත සංචාරය සදහා නම් කර තිබූ අතර, ඒ අනුව එම සංචිතයට ඇතුළත්ව සිටි ප්‍රවීන් ජයවික්‍රම, අශේන් බණ්ඩාර, සධීර සමරවික්‍රම හා කමිල් මිෂාර යන ක්‍රීඩකයින් අවසන් සංචිතයට නම් නොකිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අශේන් බණ්ඩාර ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් මෙම සංචිතයට නම් කර නොමැති බව සදහන්.

නිමා වූ බංග්ලාදේශ තරගාවලියට එක්වීමට අවස්ථාව අහිමි වූ අවිශ්ක ප්‍රනාන්දු, ඕෂද ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප් සහ කසුන් රාජිත මෙම සංචිතයට නම් කර ඇති බව newswire වෙබ් අඩවිය වාර්තා කළා.

මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති චරිත් අසලංක, ධනංජය ලක්ෂාන් සහ ඉෂාන් ජයරත්න ද සංචිතයට ඇතුළත්.

එංගලන්ත තරග සංචාරයේ දී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 20යි 20 තරග 3ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

පළමු 20යි 20 තරගය ජූනි 23 වනදා කාර්ඩිෆ් හී දී පැවැත්වෙනු ඇති.

ජූනි 24 වනදා දෙවන 20යි 20 තරගය ද එම ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වෙන අතර, තෙවැනි 20යි 20 තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ජූනි 26 වනදා සවුත්හැම්ටන් හී දී යි.

දෙරට අතර පළමු එක්දින තරගය ජූනි 29 වනදා ඩර්හැම්හී දී ද, දෙවැනි එක්දින තරගය ජූලි පළමු වනදා ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගනයේ දී ද, තෙවැනි එක්දින තරගය ජූලි 4 වනදා බ්‍රිස්ටල්හී දී ද පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

20යි 20 තරග ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පුහුණු තරග දෙකකට එක්වීමට නියමිතව ඇති අතර, එම තරග ශ්‍රී ලංකා සංචිතයේම ක්‍රීඩකයින් අතර පැවැත්වීමට නියමිතයි.

වාර්තා වන ආකාරයට නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතය – 

කුසල් ජනිත් (c), කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂද ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, චාමික කරුණාරත්න, ධනංජය ලක්ෂාන්, වනිදු හසරංග, රමේෂ් මෙන්ඩිස්, ලක්ෂාන් සදකැන්, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, ඉසුරු උදාන, බිනුර ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, ශිරාන් ප්‍රනාන්දු, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, ඉෂාන් ජයරත්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...