රංගනගේ වැටුපට සහ දින 120 කොන්දේසියට බංග්ලාදේශය අකමැති වෙයි

Date:

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පත් කිරීමේ ක්‍රියාවලිය අසාර්ථක වනු ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

දෙපාර්ශවය අතර ඒ සම්බන්ධයෙන් එකගතාවයකට එළඹීමට හැකියාව ලැබී නොමැති බවයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කළේ.

රංගන හේරත් දිනකට අමෙරිකානු ඩොලර් 1500ක් ඉල්ලා සිටීමත්, පුහුණුකරුවෙකු ලෙස ඔහුගේ අත්දැකීම් ප්‍රමාණවත් නොවීමත්, දින 120ක් පමණක් සේවය කිරීමට කැමැත්ත පල කිරීමත් මීට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව සදහන්.

තම ආයතනයට අවශ්‍ය වී ඇත්තේ දීර්ඝ කාලීන දග පන්දු පුහුණුකරුවෙකු බවයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතන‍යේ ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී අක්‍රම් ඛාන් කියා සිටියේ.

“ක්‍රිකට් ආයතනය උනන්දුවක් දක්වන්නේ නැහැ රංගන හේරත් ගැන. ඔහු විශිෂ්ඨ ක්‍රීඩකයෙකු වුණත් ඔහුට පුහුණුකරුවෙකු ලෙස අත්දැකීම් නැහැ. අපිට අවශ්‍ය දින 120කට නෙවෙයි, දීර්ඝ කාලීන පුහුණුකරුවෙක්.” යනුවෙන් අක්‍රම් ඛාන් සදහන් කළා.

ඉන්දියාවේ සයිරාජ් බහතුලේ මෙන්ම පාකිස්තානයේ සයීඩ් අජ්මාල් ද බංග්ලාදේශයේ දග පන්දු පුහුණුකරු ලෙස පත් කිරීම වෙනුවෙන් සලකා බලමින් සිටින බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් ඔවුන් අතරින් දග පන්දු පුහුණුකරු ලෙස පත්වීම සදහා ඉදිරියෙන්ම පසුවන්නේ රංගන හේරත් බව මීට පෙර අක්‍රම් ඛාන් සදහන් කර තිබුණා.

බංග්ලාදේශයේ දග පන්දු පුහුණුකරු ලෙස නවසීලන්තයේ ඩැනියල් විටෝරි මීට පෙර දින 100ක කාලයක් සදහා ගිවිසුම් අත්සන් කර තිබූ නමුත්, පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඔහුට කණ්ඩායම සමග අඛණ්ඩව රැදී සිටීමට හැකි වූයේ නැහැ.

“දග පන්දු පුහුණුකරු ලෙස ආසියාවේ කෙනෙක් එන්නෙ. අපිට ඉන්නවා ශ්‍රී ලංකාවෙන්, ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් අයදුම්කරුවන් එක බැගින්. අපි සාකච්ඡා කරමින් ඉන්නවා. අපේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සහ පුහුණු කාර්යය මණ්ඩලය සමග සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නවා.”

බංග්ලාදේශ කණ්ඩායමේ තාවකාලික දග පන්දු පුහුණුකරු ලෙස පසුගිය තරගාවලි කිහිපයකදී කටයුතු කළේ සොහයිල් ඉස්ලාම්.

“ක්‍රීඩකයින්ගේ කැමැත්තත් සලකා බලනවා. ඇත්තම කිව්වොත් ගොඩක් ක්‍රීඩකයින්ට අවශ්‍යව ඇත්තේ සොහයිල්ව අඛණ්ඩව  රදවා ගැනීමටයි.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...