ජයසූරියට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පුහුණුකාරධූරයක්

Date:

ඔස්ට්‍රේලියාවේ මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ (Mulgrave Cricket Club) ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය පත් කර තිබෙනවා.

ඉදිරි (2021-22) තරග වාරය වෙනුවෙන් එම පත් කිරීම සිදු කළ බවයි මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය නිවේදනය කළේ.

සනත් ජයසූරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 110ක්, එක්දින තරග 445ක් සහ ජාත්‍යන්තර 20යි 20 තරග 31ක් ක්‍රීඩා කර තිබුණා.

එක්දින පිටියේ දී ඔහු ලකුණු 13,430ක් රැස් කිරීමට සමත් වූ අතර, බිද හෙලූ කඩුලු සංඛ්‍යාව 323ක්.

මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය සදහා තිලකරත්න ඩිල්ෂාන් සහ උපුල් තරංග යන ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින් ක්‍රීඩා කරන අතර, කණ්ඩායමේ නායකත්වය ද දරනු ලබන්නේ ඩිල්ෂාන් විසිනුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...