මම බයයි නායකත්වය මගේ දක්ෂතාවලට බලපායි කියලා : රෂීඩ් ඛාන්

Date:

පන්දුවාර 20යි 20 ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය තමා ප්‍රතික්ෂේප කරන බව ඇෆ්ඝනිස්තාන දග පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් පවසනවා.

තම දක්ෂතාවලට නායකත්වයේ වගකීම බලපෑමක් එල්ල කරනු ඇති බවයි ඔහු ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් සදහන් කර ඇත්තේ.

මීට පෙර ද රෂීඩ් ඛාන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ නායකත්වය දැරූ අතර, ඔහු මේ වන විටත් 20යි 20 කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරනවා.

කෙසේ වෙතත්, 20යි 20 නායකත්වය මේ වන විට පුරප්පාඩු වී පවතින්නේ නිත්‍ය නායක අස්ගර් ඇෆ්ඝන් අදාළ ධූරයෙන් ඉවත් කිරීමට පසුගියදා එරට ක්‍රිකට් ආයතනය කටයුතු කිරීම හේතුවෙන්.

ටෙස්ට් සහ එක්දින කණ්ඩායමේ නව නායකයා ලෙස හෂ්මටුල්ලාහ් ශහිඩී (Hashmatullah Shahidi) පත් කිරීමටත්, උප නායකයා ලෙස රහ්මට් ශාහ් පත් කිරීමටත් ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය පියවර ගත් නමුත්, 20යි 20 සදහා නායකයෙකු පත් කෙරුණේ නැහැ.

ඒ, 20යි20 ලෝක කුසලාන තරගාවලියට මාස 5ක පමණ කාලයක් ඉතිරිව ඇති පසුබිමකයි.

පසුගිය වසර තුනක කාලය තුළ ඇෆ්ඝනිස්තානය නිවැරැදි නායකත්වයක් තෝරා ගැනීමට අසමත් වීම හේතුවෙන් අර්බුද රැසකට මුහුණ දුන්නා.

2019 ලෝක කුසලානයට පෙර ද කණ්ඩායමේ නායකත්වය අස්ගර් ඇෆ්ඝන් විසින් දරනු ලැබූ අතර, ලෝක කුසලානයට මාස 2කට පමණ පෙර ඔහුව නායකත්වයෙන් නෙරපීමට කටයුතු කෙරුණා.

අනතුරුව 20යි 20 නායකත්වය රෂීඩ් ඛාන් වෙත ද, එක්දින නායකත්වය ගුල්බදීන් නයිබ් වෙත ද, ටෙස්ට් නායකත්වය රහ්මට් ශාහ් වෙත ද හිමි වුණා.

කෙසේ වෙතත්, 2019 එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම කිසිදු ජයග්‍රහනයක් වාර්තා කිරීමට අසමත් වීම හේතුවෙන් ගුල්බදීන් නයිබ් නායකත්වයෙන් ඉවත් කර තරග රටා ත්‍රිත්වයේම නායකත්වය රෂීඩ් ඛාන්ට පිරිනැමුණා.

නමුත්, 2019 දෙසැම්බර් මාසයේ දී අස්ගර් ඇෆ්ඝන් දෙවැනි වරටත් නායකත්වයට පත් කිරීමටයි තීරණය කෙරුණේ.

මාස 15ක පමණ කාලයක් ඔහු කණ්ඩායමේ නායකත්වය දැරීමෙන් අනතුරුව පසුගියදා එරට ක්‍රිකට් ආයතනය යළි ඔහුව නායකත්වයෙන් නෙරපීමට කටයුතු කළේ සිම්බාබ්වේ කණ්ඩායම සමග මාර්තු මාසයේ අබුඩාබි හී පැවැති පළමු ටෙස්ට් තරගයේ පරාජයට ඔහු ගත් ඇතැම් තීරණ හේතු වී තිබූ බවට පවසමින්.

“කණ්ඩායම වෙනුවෙන් අස්ගර් හොද සේවයක් කරා පසුගිය වසර 4-5 කාලය තුළදී. ඔහු හොදම විකල්පය වුණා වගේම ඔහු හොදට කරා.” යනුවෙන් 22 හැවිරිදි රෂීඩ් ඛාන් සදහන් කළා.

“මම ක්‍රීඩකයෙකු ලෙස වඩා හොද බව මගේ මනස තුළ ඉතා පැහැදිලියි. ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට හොද සේවයක් ලබා දෙන්න මට අවශ්‍යයි. මම නායකයෙකු වීම ගැන විවිධ දේවල් හිතනවාට වඩා මගේ දක්ෂතා කණ්ඩායමට ටිකක් තීරණාත්මකයි”

“මම බයයි එය (නායකත්වය දැරීම) බලපෑමක් එල්ල කරයි කියලා කණ්ඩායම වෙනුවෙන් වන මගේ දක්ෂතාවලට”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...