බේලිස් සහ සේකර් යළි BBL තරගාවලියට

Date:

ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් (BBL) තරගාවලියට එක් වන සිඩ්නි තන්ඩර් සහ මෙල්බර්න් රෙනෙගේඩ්ස් යන කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරුවන් ලෙස පිළිවෙලින් ට්‍රෙවර් බේලිස් සහ ඩේවිඩ් සේකර් පත් කර තිබෙනවා.

2019 ලෝක කුසලානය ජය ගන්නා අවස්ථාවේ දී එංගලන්ත කණ්ඩායමේ පුහුණුකාරීත්වය දරනු ලැබූ ට්‍රෙවර් බේලිස් වසර තුනක කාලයක් සදහා තන්ඩර් කණ්ඩායම සමග ගිවිසුම් අත්සන් කර ඇති බව සදහන්.

මීට පෙර එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ශේන් බෝන්ඩ්.

2011 – 2015 අතර කාලයේ දී ට්‍රෙවර් බේලිස් සිඩ්නි සික්සර්ස් කණ්ඩායමේ ද පුහුණුකරු ලෙස කටයුතු කළා.

ඔහු මේ වන විටත් අයි.සී.එල් තරගාවලියේ දී සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

ශ්‍රී ලංකා, එංගලන්ත සහ ඔස්ට්‍රේලියානු යන කණ්ඩායම්වල වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ ඩේවිඩ් සේකර් මීට පෙර ද මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස 2015-16 තරග වාරයේ දී කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...