පැතුම් නිස්සංක ලොව හොඳම ක්‍රීඩකයන් 11 දෙනෙකු අතරට නම් වෙයි

Date:

සුප්‍රකට ක්‍රිකට් වෙබ් අඩවියක් වන espncricinfo වෙබ් අඩවිය විසින් වත්මන් ටෙස්ට් ක්‍රිකට් පිටියේ දක්ෂතා ප්‍රදර්ශනය කරන යොවුන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් යුත් එකොලොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර තිබෙනවා.

වයස අවුරුදු 25ට අඩු ක්‍රීඩකයින් මීට නම් කර ඇති අතර, තවත් වසර 10කින් පමණ ලෝක ටෙස්ට් කණ්ඩායම මෙම කණ්ඩායම හා සමාන වනු ඇති බවයි espncricinfo වෙබ් අඩවිය අනුමාන කරන්නේ.

ඔවුන් මෙම කණ්ඩායම නම් කර ඇත්තේ WORLD TEST XI FOR FUTURE ලෙසයි.

එනම් අනාගතයේ ලොව හොදම ටෙස්ට් කණ්ඩායම යනුවෙන්.

විශේෂත්වය වන්නේ මෙම කණ්ඩායමට ශ්‍රී ලංකාව වෙනුවෙන් මෑතකදී ටෙස්ට් වරම් දිනාගත් නවක ක්‍රීඩක පැතුම් නිස්සංකගේ නම ද ඇතුළත්ව තිබීමයි.

ඒ ඔහු ටෙස්ට් පිටියේ මෙන්ම පළමුපෙල තරගවලදී ප්‍රදර්ශනය කර ඇති දක්ෂතා සැලකිල්ලට ගනිමින්.

පැතුම් නිස්සංක ක්‍රීඩා කළ මංගල ටෙස්ට් තරගයේ දී ම ඔහු කොදෙව් කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කිරීමට සමත් වීම ද මෙම නම් කිරීමට හේතු වන්නට ඇති.

පැතුම්ගේ එම ශතකය වාර්තා පොත් අලුත් කරනු ලැබුවේ මංගල ටෙස්ට් තරගයක මව් රටින් පිටත ශතකයක් රැස්කළ ප්‍රථම ශ්‍රී ලාංකීය පිතිකරුවා ලෙසයි.

මේ වන විට ජාත්‍යන්තර ටෙස්ට් තරග හතරක් ක්‍රීඩා කර තිබෙන පැතුම්, ඉනිම 6 ක් තුළ රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 229 ක්.

ඔහු පවත්වාගෙන යන පිතිකරණ සාමාන්‍ය 38.16 ක්.

මෙම කණ්ඩායමට ඉන්දීය ක්‍රීඩකයන් තුන්දෙනෙකු සහ පාකිස්තාන ක්‍රීඩකයන් දෙදෙනෙකු ඇතුළත් අතර, එංගලන්ත, ශ්‍රී ලංකා, ඕස්ට්‍රේලියා, සිම්බාබ්වේ, ඇෆ්ගනිස්තාන යන රටවල් නියෝජනය කරමින් එක් ක්‍රීඩකයකු බැගින් නම් කර තිබෙනවා.

ESPNCRICINFO නම් කළ කණ්ඩායම –

01. Subman Gill ( ind )
02. Will Pucovski ( aus )
03. Zak Crawley ( eng )
04. Pathum Nissanka ( SL )
05. Washington Sundar ( ind )
06. Rishab Pant ( ind )
07. Sam Curran ( eng )
08. Rashid Khan ( afg )
09. Blessing Muzarabani ( zim )
10. Shaheen Afridi ( pak )
11. Nassem Shah ( pak )

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...