නෙදර්ලන්තයත් ශ්‍රී ලංකාව අභිබවා යයි; ලංකාව සුපර් ලීගයේ අවසන් තැනට ඇද වැටෙයි

Date:

අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ අවසන් ස්ථානය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම අද පහතට ඇද වැටුණා.

ඒ, සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් නෙදර්ලන්ත කණ්ඩායම එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීම හේතුවෙන්.

එය නෙදර්ලන්ත කණ්ඩායම සුපර් ලීගය යටතේ ක්‍රීඩා කළ පළමු තරගයයි.

අද ලැබූ ජයත් සමග නෙදර්ලන්තයට ප්‍රසාද ලකුණු 10ක් හිමිව ඇති අතර, ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු 8ක් පමණයි.

Utrecht හි පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 195ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 194ක් පමණයි.

ප්‍රසාද ලකුණු සටහන –

  1. බංග්ලදේශය : තරග 9 – ප්‍රසාද ලකුණු 50
  2. එංගලන්තය : තරග 9 – ප්‍රසාද ලකුණු 40
  3. පාකිස්තානය : තරග 6 – ප්‍රසාද ලකුණු 40
  4. ඔස්ට්‍රේලියාව : තරග 6 – ප්‍රසාද ලකුණු 40
  5. නවසීලන්තය : තරග 3 – ප්‍රසාද ලකුණු 30
  6. ඇෆ්ඝනිස්තානය : තරග 3 – ප්‍රසාද ලකුණු 30
  7. බටහිර ඉන්දීය කොදෙව් : තරග 6 – ප්‍රසාද ලකුණු 30
  8. ඉන්දියාව : තරග 6 – ප්‍රසාද ලකුණු 29 (එක් දඩුවම් ලකුණක්)
  9. නෙදර්ලන්තය : තරග 1 – ප්‍රසාද ලකුණු 10
  10. සිම්බාබ්වේ : තරග 3 – ප්‍රසාද ලකුණු 10
  11. අයර්ලන්තය : තරග 7 – ප්‍රසාද ලකුණු 10
  12. දකුණු අප්‍රිකාව : තරග 3 – ප්‍රසාද ලකුණු 9 (එක් දඩුවම් ලකුණක්)
  13. ශ්‍රී ලංකාව : තරග 6 – ප්‍රසාද ලකුණු 8 (දඩුවම් ලකුණු 2ක්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...