ICC තරගාවලියන්හි සත්කාරක රටවල් තේරීම මේ මාසයෙන් ඇරඹේ

Date:

2024 වසරේ සිට 2031 වසර දක්වා පැවැත්වෙන අයි.සී.සී තරගාවලියන් සම්බන්ධයෙන් තොරතුරු අප මීට පෙර ඔබට වාර්තා කළා.

අගහරුවාදා පැවැති අයි.සී.සී රැස්වීමේ දී ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගෙන තිබූ නමුත්, අදාළ තරගාවලියන්හි සත්කාරක රටවල් මොනවාද යන්න මෙතෙක් තීරණය කර නැහැ.

අයි.සී.සී රැස්වීමෙන් පසුව ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක් වුණේ පිරිමි අංශයේ ප්‍රධාන අයි.සී.සී තරගාවලියන්හි සත්කාරක රටවල් තෝරා ගැනීමේ ක්‍රියාවලිය මෙම මාසයේ දී ආරම්භ කරන බවයි.

සත්කාරක රටවල් තෝරා ගැනීමේ ක්‍රියාවලිය සදහා ද අයි.සී.සීයේ අනුමැතිය මෙම රැස්වීමේ දී හිමිව තිබෙනවා.

ඒ අනුව පිරිමි අංශයේ ප්‍රධාන තරගාවලියන්හි සත්කාරක රටවල් සැප්තැම්බර් මාසයේ දී තීරණය කිරීමට නියමිතයි.

පිරිමි අංශයේ ප්‍රධාන තරගාවලි අතරට එක්දින ලෝක කුසලාන තරගාවලි දෙකක් (2027,2031), 20යි 20 ලෝක කුසලාන 4ක් (2024, 2026, 2028, 2030) සහ ශූරයින්ගේ කුසලාන තරගාවලි දෙකක් (2025, 2029) ඇතුළත්.

ඊට අමතරව අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරග ද 2025, 2027, 2029 සහ 2031 යන වසරවලදී පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම කාන්තා සහ වයස අවුරුදු 19න් පහළ අයි.සී.සී තරගාවලියන්හි සත්කාරක රටවල් තෝරා ගැනීමේ ක්‍රියාවලිය නොවැම්බර් මාසයේ දී ආරම්භ කිරීමට අයි.සී.සීය තීරණය කර තිබෙනවා.

එහිදී අදාළ තරගාවලියන් සදහා සත්කාරකත්වය දැරීමේ අවස්ථාව මෙතෙක් එවැනි අවස්ථාවක් හිමි නොවූ රටවල් සදහා ද හිමි වීමට ඉඩ ඇති බව සදහන්.

ALSO READ : ICC තරගාවලියන්ට අදාළ ආකෘති නිවේදනය කෙරේ; 20යි 20ට 5 බැගින් කාණ්ඩ 4ක්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...