කුසල් සහ දුෂ්මන්ත ශ්‍රේණිගත කිරීම්හි කැපීපෙනන අයුරින් ඉදිරියට

Date:

නවතම අයි.සී.සී එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය අද(2) නිවේදනය කළා.

ඊට අනුව එහි පිතිකරණ සහ පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි කැපීපෙනන අයුරින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ කුසල් පෙරේරා සහ දුෂ්මන්ත චමීර සමත්ව තිබෙනවා.

ඒ, බංග්ලාදේශය සමග නිමා වූ තෙවැනි එක්දින තරගයේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන්.

ඒ අනුව සිය 6 වැනි එක්දින ශතකය වාර්තා කළ කුසල් පෙරේරා පිතිකරණ අංශයේ 42 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 13කින්.

තෙවැනි තරගයේ දී සුවිශේෂී දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් සිය හොදම පන්දු යැවීම සටහන් කළ දුෂ්මන්ත චමීර (ලකුණු 16ට කඩුලු 5ක්) පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 27කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව ඔහු මේ වන විට රැදී සිටින්නේ 33 වන ස්ථානයේ යි.

තරගාවලිය ආරම්භ වීමට පෙර දුෂ්මන්ත රැදී සිටියේ ශ්‍රේණිගත කිරීම්හි 72 වන ස්ථානයේ වීම විශේෂත්වයක්.

මේ අතර, ධනංජය ද සිල්වා ද පිතිකරණ අංශයේ ස්ථාන 10කින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු මේ වන විට 85 වන ස්ථානයේ රැදී සිටිනවා.

පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 2කින් ද ඔහු ඉදිරියට පැමිණ ඇත්තේ 79 වන ස්ථානය දක්වායි.

එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හි 24 වන ස්ථානය දක්වා ස්ථාන 7කින් ධනංජය ඉදිරියට පැමිණ තිබෙනවා.

වනිදු හසරංග පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි සම 51 වන ස්ථානය දක්වා ස්ථාන 9කින් ද ඉදිරියට පැමිණ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්හි දැක්වෙන්නේ.

මේ අතර, බංග්ලාදේශයේ මහ්මුදුල්ලාහ් පිතිකරුවන් අතර 36 වන ස්ථානය දක්වා ස්ථාන 2කින් ද ඉදිරියට පැමිණ තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...