කුසල් මෙන්ඩිස්ගේ නම දකුණු අප්‍රිකානු ක්‍රිකට් සම්මාන උළෙලටත්; වසරේ ක්‍රීඩකයා නොකියා

Date:

වසරේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය මෙවර හිමි කර ගැනීමට වේග පන්දු යවන ක්‍රීඩක අන්රිච් නොකියා (Anrich Nortje) සමත් වුණා.

ඒ, ඊයේ(31) පැවැති දකුණු අප්‍රිකානු ක්‍රිකට් අතථ්‍ය (virtually) වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයේ දී යි.

වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට අමතරව වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා, දකුණු අප්‍රිකානු ප්‍රේක්ෂකයින්ගේ ක්‍රීඩකයා සහ දකුණු අප්‍රිකා ක්‍රීඩකයින්ගේ ක්‍රීඩකයා (ඒඩ්න් මාක්‍රම් සමග සම ජයග්‍රහනයකි) යන සම්මාන ද අන්රිච් නොකියා විසින් දිනා ගත්තා.

වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ රසී වැන් ඩර් ඩුසේන්.

අයි.සී.සී 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ රැදී සිටින ටබ්රයිස් ශම්සි වසරේ ජාත්‍යන්තර 20යි 20 ක්‍රීඩකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා.

ශ්‍රී ලංකාව සමග ජොහැනස්බර්ග්හි පැවැති දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී කුසල් මෙන්ඩිස් දවා ගැනීම සදහා වියාන් මුල්ඩර් යොමු කළ පන්දුව වසරේ පන්දුව (The CSA Delivery of the year) ලෙසටයි සම්මාන හිමි කර ගත්තේ.

වසරේ නැගීඑන ක්‍රීඩකයාට (Newcomer of the year) හිමි සම්මානය ජෝර්ජ් ලින්ඩේ විසින් දිනා ගත්තා.

මේ අතර, වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාවට සහ 20යි 20 ක්‍රීඩිකාවට හිමි සම්මාන මෙවර දිනා ගනු ලැබුවේ Shabnim Ismail විසින්.

වසරේ එක්දින ක්‍රීඩිකාව ලෙස Lizelle Lee සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...