රංගන හේරත් බංග්ලාදේශ දග පන්දු පුහුණුකරු ලෙස පත් වන ලකුණු

Date:

බංග්ලාදේශ කණ්ඩායමේ දග පන්දු පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පත් කිරීමට නියමිතව තිබෙනවා.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී අක්‍රම් ඛාන් ක්‍රික්බස් වෙබ් අඩවියට සදහන් කර ඇත්තේ කඩිනමින් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බවයි.

මීට පෙර බංග්ලාදේශයේ දග පන්දු පුහුණුකරු ලෙස ඩැනියල් විටෝරි කටයුතු කළ නමුත්, පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඔහුට කණ්ඩායම සමග අඛණ්ඩව රැදී සිටීමට හැකි වූයේ නැහැ.

ඒ හේතුවෙන් එම ධූරය පුරප්පාඩු වී පවතිනවා.

රංගන හේරත්ට අමතරව ඉන්දියාවේ සයිරාජ් බහතුලේ මෙන්ම පාකිස්තානයේ සයීඩ් අජ්මාල් ද බංග්ලාදේශයේ දග පන්දු පුහුණුකරු ලෙස පත් කිරීම වෙනුවෙන් සලකා බලමින් සිටිනවා.

කෙසේ වෙතත්, ඒ අතරින් රංගන හේරත් ඉදිරියෙන්ම පසුවන බවයි අක්‍රම් ඛාන් සදහන් කර ඇත්තේ.

මේ අතර, රංගන හේරත් ද ක්‍රික්බස් වෙබ් අඩවිය වෙත තහවුරු කර ඇත්තේ මේ වන විට තමා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...