ශ්‍රී ලංකාවට එරෙහිව හර්ෂා බෝග්ලේ නම් කළ ඉන්දීය කණ්ඩායම

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය අවසන් වීමෙන් පසුව, සීමීත පන්දුවාර තරගාවලියක් ක්‍රීඩා කිරීම සඳහා ඉන්දිය කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිත බව අප ඔබට මීට පෙර තොරතුරු වාර්තා කළා.

මෙම තරගාවලියට එක්දින තරග තුනක් සහ 20යි 20 තරග තුනක් පැවැත්වීමටයි මේ වන විට නියමිතව ඇත්තේ.

ඉන්දීය කණ්ඩායම ජුලි 05 වනදා මෙරටට පැමිණිමට නියමිත අතර, ප්‍රථම තරගය ජුලි මස 13 වනදා පැවැත්වීමට සැලසුම් කර ඇති බවට වාර්තා වුණා.

එම කාලය තුළදී ඉන්දීය කණ්ඩායමේ එංගලන්ත ටෙස්ට් තරග සංචාරය ද යෙදී ඇති බැවින් එම තරගාවලියට සහභාගී නොවන ක්‍රීඩකයන්ගෙන් යුත් සංචිතයක් මෙරටට පැමිණිමට නියමිතයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දක්ෂතා ප්‍රදර්ශනය කළ ප්‍රබල ක්‍රීඩකයන් රැසක් එම සංචිතයට ඇතුලත් වීමට ඉඩ තිබෙනවා.

කෙසේ වෙතත්, කුමන කණ්ඩායමක් ඔවුන් එවනු ලැබුව ද එය ඉතාමත් ශක්තිමත් සංචිතයක් වනු නොඅනුමායි.

ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරකයකු වන හර්ෂා බෝග්ලේ විසින් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ යුතු බවට ඔහු විශ්වාස කරනු ලබන ඉන්දීය එක්දින කණ්ඩායම පසුගියදා නම් කර තිබුණා.

ඔහුට අනුව එම කණ්ඩායමේ නායකත්වය හිමිවිය යුත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් බහුල වේග පන්දුයවන්නෙකු වන බුවනේෂ්වර් කුමාර්ටයි.

ආරම්භක පිතිකරුවන් ලෙස ශිකර් ධවාන් සහ නවක ක්‍රීඩක ප්‍රිත්වී ශෝ ඔහු විසින් නම් කර තිබෙනවා.

කඩුලු රැකීමේ වගකීම සංජු සැම්සන් වෙත හිමි විය යුතු බව පෙන්වා දුන් හර්ෂා බෝග්ලේ පාන්ඩ්‍යා සහෝදරයින්ද ඉන්දීය කණ්ඩායමට නම් කිරීමට අමතක කර නැහැ.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් අවම ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මෙම ක්‍රීඩකයන් 11 දෙනා අතරට ඇතුළත්.

නමුත් පළමු පෙළ සහ ඉන්දීය ප්‍රිමියර් ලීගයේ දී එම ක්‍රීඩකයින් ලබා ඇති අත්දැකීම් අනුව මෙම කණ්ඩායම ඉතාමත් ප්‍රබල කණ්ඩායමක් බවනම් නොරහසක්.

ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරක හර්ෂා බෝග්ලේ නම් කළ ඉන්දිය එක්දින කණ්ඩායම –

01. ප්‍රිත්වී ශෝ, 02. ශිකර් ධවාන්, 03. සූර්යකුමාර් යාදේව්, 04. සංජු සැම්සන් (wk), 05. මනීශ් පාන්ඩේ, 06. හර්දික් පාන්ඩ්‍යා, 07. කෘනාල් පාන්ඩ්‍යා, 08. බුවනේෂ්වර් කුමාර් (c), 09. දීපක් චාහාර්, 10. කුල්දීප් යාදෙව්, 11. යුස්වේන්ද්‍ර චහෙල්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...