කොදෙව් ටෙස්ට් කමිසය වෙනස් කිරීමට ICC අනුමැතිය

Date:

එංගලන්තය සමග ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී “Black Lives Matter” නම් ලාංඡනය සිය කමිසයන්හි කරපටියෙහි පැළදීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් තීරණය කර තිබෙනවා.

ඒ, කලු ජාතිකයින් සදහා සාමානාත්මතාවය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ලොව පුරා ආරම්භ වී ඇති සටනට සහය ලබා දීමක් වශයෙන්.

මෙම ලංඡනය පැළදීම සදහා ජගත් ක්‍රිකට් කවුන්සලයේ අනුමැතිය ද හිමිව ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

“අපි එංගලන්තයට ආවෙ විස්ඩන් කුසලානය යළි ජයග්‍රහනය කිරීමට. නමුත් අපි ලෝකයේ වෙන දේවල් ගැන, යුක්තිය සහ සමානාත්මතාවය වෙනුවෙන් සිදු කරන සටන ගැන ගොඩක් දැනුවත්. අපි විශ්වාස කරනවා අපිට යුතුකමක් තියෙනවා කියලා සහයෝගීථාවය පෙන්නුම් කිරීමට සහ දැනුවත්භාවය ඉහළ නැංවීමට.”

යනුවෙන් කොදෙව් නායක ජේසන් හෝල්ඩර් සදහන් කළා.

අදාළ ලාංඡනය මේ වන විට පාපන්දු ක්‍රීඩා සමාජ කණ්ඩායම්වල ක්‍රීඩකයින් ද පළදිනු ලබනවා.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන 8 වනදා සවුත්හැම්ටන් හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...