“මතක තබා ගන්න, අපි තරගාවලි සහ කුසලාන ජය ගත යුතුමයි” : සනත් ජයසූරිය

Date:

අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිය සංයුතිය නැවැරැදි කර ගත් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ හිටපු තේරීම් කමිටු ප්‍රධානීවරයෙකු වන සනත් ජයසූරිය මහතා පවසනවා.

ඊයේ(28) බංග්ලාදේශයට එරෙහිව නිමා වූ තෙවැනි එක්දින තරගය පිළිබද අදහස් දක්වමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටියා.

තරග පරාජයෙන් පසුව හොද සටනක් ශ්‍රී ලංකාව මෙම තරගයේ දී ලබා දුන් බව පෙන්වා දුන් සනත් ජයසූරිය මහතා කුසල් පෙරේරාගේ ශතකය ද ඇගයීමට ලක් කළා.

“මතක තබා ගන්න, අපි තරගාවලි සහ කුසලාන ජය ගත යුතුමයි, ශ්‍රී ලංකා ක්‍රිකට් යළි ගෙන එන්න පුලුවන් එකම ක්‍රමය එයයි”

යනුවෙන් සනත් ජයසූරිය මහතා සදහන් කළා.

බංග්ලාදේශයට එරෙහි තරගාවලි පරාජය ලැබීමෙන් පසුව ද (දෙවැනි තරගයෙන් පසුව) ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් හිටපු ක්‍රීඩකයෙකු සහ නායකයෙකු වශයෙන් ඒ පිළිබද කනගාටුව ප්‍රකාශ කර තිබුණා.

ජාතික අභිමානය ද අවධානමට ලක්ව ඇති බවයි සනත් ජයසූරිය මහතා වැඩිදුරටත් එහි සදහන් කර තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...