“මුලික අවධානය ලෝක කුසලානය හා අලුබදුනයි” ආචර් ශ්‍රී ලංකා තරගාවලියෙනුත් ඉවතට

Date:

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සහ අලුබදුන තරගාවලිය ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් තමා මෙවර ගිම්හාන තරග වාරයෙන්ම ඉවත් වීමට සූදානම් බව එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර් පවසනවා.

26 හැවිරිදි ඔහු පසුගිය සිකුරාදා සිය දකුණු අතෙහි වැලමිට ප්‍රදේශයේ ශල්‍යකර්මයකට මුහුණ දුන් අතර, මේ වන විට ආචර් සිය පුනරුත්තාපන කටයුතු ආරම්භ කර ඇත්තේ එංගලන්ත සහ සසෙක්ස් වෛද්‍ය කණ්ඩායම් සමගින්.

“ශල්‍යකර්මයෙන් පසුව මම අධිෂ්ඨාන කරගෙන ඉන්නේ මගේ නැවත පැමිණීම ඉක්මන් කිරීම ගැන නෙවෙයි. මොකද මගේ මුලික අවධානය මෙම වසර අවසාන භාගයේ පැවැත්වෙන 20යි 20 ලෝක කුසලානය සදහා සහ අලුබදුන තරගාවලිය සදහා එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමයි”

යනුවෙන් ‍ජොෆ්ර ආචර් ඩේලි මේල් වෙත සදහන් කළා.

“ඒවා තමයි මගේ ඉලක්ක. මම ඊට කළින් ආවොත් සහ ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කරන්න පුලුවන් වුණොත් ඉතිං හොදයි, එහෙම වෙන්න. මට එහෙම බැරිවුණොත්, මම සූදානම් ගිම්හාන තරග වාරයෙන්ම ඉවත්වෙන්න”

එංගලන්ත ප්‍රාන්ත තරගාවලිියේ දී සසෙක්ස් කණ්ඩායම නියෝජනය කරන ඔහු කෙන්ට් කණ්ඩායම සමග පසුගියදා පැවැති තරගයේ දී වැලමිටෙහි ආබාධයට යළි ගොදුරු වුණා.

ඒ හේතුවෙන් දෙවැනි ඉනිමේ දී ජොෆ්ර ආචර් යොමු කළේ පන්දුවාර 5ක් පමණයි.

අතෙහි සහ වැළමිටෙහි ආබාධ හේතුවෙන් 26 හැවිරිදි ඔහුට මීට පෙර ද තරග රැසක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

මෙවර ගිම්හාන තරග වාරයේ දී එංගලන්ත කණ්ඩායම, නවසීලන්තයට, ශ්‍රී ලංකාවට, පාකිස්තානයට සහ ඉන්දියාවට එරෙහි තරගාවලි සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

පවතින තත්ත්වය අනුව ජොෆ්ර ආචර්ට ශ්‍රී ලංකා තරගාවලිය ද අහිමි වන අතර, මීට පෙර වාර්තා වූයේ බෙන් ස්ටොක්ස්ට ද ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වන බවටයි.

ඒ, අයි.පී.එල් තරගාවලියේ දී ඔහු ගොදුරු වූ ආබාධය හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...