21 වන සියවසේ ලොව වටිනාම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස මුරලි නම් කෙරේ

Date:

21 වන සියවසේ ලොව වටිනාම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් නම් කර තිබෙනවා.

ක්‍රිකට් දත්ත විශ්ලේෂණ සමාගමක් වන CricViz සමග එක් වී විස්ඩන් සගරාව විසින් (Wisden Cricket Monthly) මෙම නම් කිරීම සිදු කළා.

ඔවුන් මෙම සියවසේ වටිනාම ක්‍රීඩකයින් 30 දෙනෙකු ප්‍රකාශයට පත් කර ඇති අතර, එහිදී ඉදිරියෙන්ම පසුවනනේ ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන්.

“2000 වසරේ සිට අපි දත්ත එක් රැස් කරලා තියෙනවා. මෙම ලැයිස්තුව 2000 – 2020 අතර කාලයට අයත්.”

යනුවෙන් Wisden Cricket Monthly හි අලෙවි අධ්‍යක්ෂ Sam Stow සදහන් කළා.

“මුරලිගේ ටෙස්ට් කඩුලු 800න් කඩුලු 573ක් ඔහු දවා ගෙන තියෙන්නේ 2000 වසරේ ජනවාරි පළමු වැනිදා සිට 2010 වසර දක්වා කාලය තුළ තරග 85කදීයි. ඔහුට වඩා මෙම කාලය තුළ ඉදිරියෙන් සිටින එකම පන්දු යවන්නා කඩුලු 584ක් දවා ගෙන සිටින ජේම්ස් ඇන්ඩර්සන්. නමුත් ඔහු මෙම කාලය තුළ තරග 151ක් ක්‍රීඩා කර තිබෙනවා.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...