IPL පැවැත්වීමට යෝජිත දින මෙන්න

Date:

අතරමගදී අත්හිටුවීමට තීරණය කෙරුණු මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සැප්තැම්බර් – ඔක්තෝබර් මාසවලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීම සදහා ඉන්දීය ක්‍රිකට් ආයතනය සූදානමින් පසුවන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ලබන 29 වනදා පැවැත්වෙන ඉන්දීය ක්‍රිකට් ආයතනයේ විශේෂ මහා සභා රැස්වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් නිවේදනය කරනු ඇති බවයි වාර්තා වන්නේ.

සැප්තැම්බර් 16-20 අතර කාලයේ දී තරගාවලියේ ඉතිරි තරග ආරම්භ වීමට ඉඩ ඇති බවත්, අවසන් තරගය ඔක්තෝබර් 9 හෝ 10 පැවැත්වීමට ඉඩ ඇති බවත් සදහන්.

කෙසේ වෙතත්, පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වනදා ආරම්භ වීමට නියමිතව තිබීම අයි.පී.එල් තරගාවලිය පැවැත්වීමේ සැලසුම්වලට බලපෑමක් ද එල්ල කරනු ඇති.

ඉන්දියාවේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝ විට ලෝක කුසලාන තරගාවලිය ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමටයි මේ වන විට අවධානය යොමුව ඇත්තේ.

තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගන තරගාවලියේ ආරම්භයට දින 10කට පෙර ජගත් ක්‍රිකට් කවුන්සලය යටතට භාර දිය යුතු වනවා.

එසේ වුවහොත් IPL තරගාවලියේ අවසන් තරග කිහිපය එක් ක්‍රීඩාංගනයකදී පවත්වන අතරතුර, සෙසු ක්‍රීඩාංගනන අයි.සී.සිය වෙත භාර දීමට කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...