ඔස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට එරෙහිව බංග්ලාදේශයට T20 තරග 10ක්

Date:

එළඹෙන සිම්බාබ්වේ තරග සංචාරයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් තරගයක් අවලංගු කිරීමට තීරණය කළ බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ වෙනුවට අමතර 20යි 20 තරගයක් සංචාරයට එක් කිරීමට කටයුතු කරන බවයි ක්‍රිකට් මෙහෙයුම් සභාපති අක්‍රම් ඛාන් විදෙස් මාධ්‍යකට සදහන් කළේ.

මෙම සංචාරය ජූලි 7 වනදා ආරම්භ වන අතර, එහිදී ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 2ක් පැවැත්වීමටයි මීට පෙර තීරණය කර තිබුණේ.

කෙසේ වෙතත්, එළඹෙන ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පදනම් කර ගනිමින් ඉන් එක් ටෙස්ට් තරගයක් අවලංගු කර 20යි 20 තරගයක් එක් කිරීමට කටයුතු කළ බව අක්‍රම් ඛාන් කියා සිටියා.

මේ අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ එළඹෙන බංග්ලාදේශ තරග සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 3ක් වෙනුවට තරග 5ක් පැවැත්වීමට ද මේ වන විට තීරණය කර තිබෙනවා.

මීට පෙර නවසීලන්ත කණ්ඩායම සමග 20යි 20 තරග 3ක් පැවැත්වීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාව සමග 20යි 20 තරග 3ක් පැවැත්වීමටයි බංග්ලාදේශය සැලසුම් කර තිබුණේ.

කෙසේ වෙතත්, නවසීලන්තය වෙනුවට බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය නිමා කර අගෝස්තු මස මුලදී ඔස්ට්‍රේලියා කණ්ඩායම බංග්ලාශයට පළමුව පැමිණීමට මේ වන විට තීරණය කර ඇති අතර, එහිදී දෙරට අතර 20යි 20 තරග 5ක් පවත්වා අනතුරුව නවසීලන්තයට එරෙහි තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

නවසීලන්තයට එරෙහි තරගාවලිය ද බොහෝ විට තරග 5කින් යුත්ත වීමට ඉඩ ඇති බවටයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...