අමීර් පළමු වරට CPL පිටියට

Date:

පාකිස්තාන හිටපු වේග පන්දු යවක ක්‍රීඩක මොහොමඩ් අමීර් පළමු වරට කැරිබියන් ප්‍රිමියර් ලීග්(සී.පී.එල්) තරගාවලියට ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙනවා.

එළඹෙන තරග වාරය වෙනුවෙන් ඔහු සමග ගිවිසුම්ගත වී ඇත්තේ බාර්බඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායමයි.

20යි 20 තරග 190කදී අමීර් කඩුලු 220ක් දවා ගැනීමට සමත්ව ඇති අතර, ඔහු පසුගිය දෙසැම්බර් මාසයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බවට නිවේදනය කළා.

2021 සී.පී.එල් තරගාවලිය ලබන අගෝස්තු 28 වනදා ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් හී දී ආරම්භ වීමට නියමිතයි.

මේ අතර, පාකිස්තානයේ ශොයිබ් මලික් යළි ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම නේපාලයේ පාදග පන්දු යවන ක්‍රීඩක Sandeep Lamichhane ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමට එක්වීමට නියමිතයි.

ඔහු නිමා වූ අවසන් තරග වාර ත්‍රිත්වයේ දී ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස්, බාර්බඩෝස් ට්‍රයිඩෙන්ට්ස් සහ ජැමයිකා තලවාස් යන කණ්ඩායම් සදහා ක්‍රීඩා කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...