ශහිඩ් අෆ්රිඩි PSL තරගාවලියට නැහැ

Date:

පාකිස්තාන හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සහ මුල්ටාන් සුල්ටාන් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ශහිඩ් අෆ්රිඩිට මෙවර පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලියේ ඉදිරි තරග සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, කරච්චි නුවර පැවැති පුහුණුවීම් අතරතුර දී ඔහු පිට කොන්දේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ඒ අනුව 41 හැවිරිදි අෆ්රිඩිට විවේක ගන්නා ලෙසට වෛද්‍ය උපදෙස් ලැබී ඇති බව සදහන්.

ඔහු වෙනුවට වමත් දග පන්දු යවන ක්‍රීඩක අසිෆ් අෆ්රිඩි මුල්ටාන් කණ්ඩායම සදහා ආදේශ කර තිබෙනවා.

පසුගිය පෙබරවාරි 20 වනදා ආරම්භ වූ පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය කොරෝනා වංසගතය හේතුවෙන් අතරමගදී අත්හිටුවීමට සිදු වූ අතර, ඒ වන විට සම්පූර්ණයෙන් පවත්වා අවසන් කර ගැනීමට හැකියාව ලැබී තිබුණේ තරග 14ක් පමණයි.

එහි ඉතිරි තරග ලබන ජූනි පළමු වැනිදා සිට 20 වනදා දක්වා අබුඩාබිහී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...