ඉතිහාසගත වීමේ බංග්ලාදේශ බලාපොරොත්තුවට වැස්සෙන් බාධා වන ලකුණු

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතේ පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද(25) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 12.30ට ඩකා නුවර මීර්පූර්හී ෂරී බංග්ලා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවැති පළමු තරගයෙන් බංග්ලාදේශය ලකුණු 33ක ජයක් වාර්තා කිරීම හේතුවෙන් අද තරගයෙන් ඔවුන් ජය ගතහොත් ඓතිහාසික තරගාවලි ජයක් අත්කර ගැනීමේ අවස්ථාව බංග්ලාදේශයට හිමි වනු ඇති.

ඔවුන් මේ වන තෙක් ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කිසිදු තරග රටාවක තරගාවලියක් ජය ගැනීමට සමත් වී නැහැ.

කෙසේ වෙතත්, අද තරගය සදහා වර්ෂාවෙන් දැඩි බලපෑමක් එල්ල විය හැකි බවටයි අනාවැකි පලව ඇත්තේ.

ඩකා නුවර පවතින කාළගුණ තත්ත්වය සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාවන්ට අනුව අද පස්වරු කාලයේ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකියි.

ඩකා නුවරට නිකුත් කර ඇති කාළගුණ අනාවැකි –

BBC
accuweather

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...