රෂීඩ් යළි ලාහෝර් කණ්ඩායමට

Date:

ඇෆ්ඝනිස්තාන දග පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම සදහා යළි ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම සමග එක්වීමට නියමිතව තිබෙනවා.

ඔහු මෙවර තරග වාරයේ දී ලාහෝර් කණ්ඩායම වෙනුවෙන් තරග දෙකක් ක්‍රීඩා කළ අතර, අනතුරුව ඇෆ්ඝනිස්තාන කණ්ඩායම නියෝජනය කිරීමට සිදු වීම හේතුවෙන් (සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව) තරගාවලියෙන් ඉවත් වුණා.

කෙසේ වෙතත්, අනතුරුව පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය ද අතරමගදී අත්හිටුවීමට සිදු වූයේ කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන්.

ඒ අනුව පෙබරවාරි 20 වනදා ආරම්භ වූ තරගාවලිය තුළ සම්පූර්ණයෙන් පවත්වා අවසන් කර ගැනීමට හැකියාව ලැබුණේ තරග 14ක් පමණයි.

එහි ඉතිරි තරග ලබන ජූනි පළමු වැනිදා සිට 20 වනදා දක්වා අබුඩාබිහී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පාකිස්තාන සුපර් ලීගයේ ඉතිරි තරග වෙනුවෙන් රෂීඩ් ඛාන් වෙනුවට ශකිබ් අල් හසාන් සිය කණ්ඩායමට ආදේශ කිරීමට ලාහෝර් කණ්ඩායම කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත්, පසුව ශකිබ් තරගාවලියට එක් නොවීමටයි තීරණය කළේ.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය නිමා වීමෙන් අනතුරුව රෂීඩ් ඛාන් බ්‍රිතාන්‍ය බලා පිටත් යාමට නියමිතව ඇත්තේ එරට ප්‍රාන්ත 20යි 20 (T20 Blast) තරගාවලියේ දී සසෙක්ස් කණ්ඩායම නියෝජනය කිරීමේ අරමුණින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...