බංග්ලාදේශය සිව්වැනි තැනට; සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහන මෙන්න

Date:

අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට බංග්ලාදේශය සමත්ව තිබෙනවා.

ඒ, ඊයේ(23) ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති පළමු එක්දින තරගයෙන් ලැබූ ලකුණු 33ක ජයත් සමගින්.

මේ වන විට බංග්ලාදේශය සුපර් ලීගය යටතේ ඔවුන් සහභාගී වූ තරග 7න් තරග 4ක්  ජය ගෙන ඇති අතර, ඔවුන්ට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 40ක්.

සුපර් ලීගය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ තරග 4ම පරාජයට පත්ව තිබෙනවා.

දඩුවම් ලකුණු දෙකක් ද ශ්‍රී ලංකාවට පනවා ඇති බැවින් ශ්‍රී ලංකාවට මේ වන විට හිමිව ඇත්තේ සෘන ප්‍රසාද ලකුණු 2ක්.

ඒ අනුව රටවල් 13ක් සහභාගී වන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව මේ වන විට 12 වන ස්ථානයේ රැදී සිටිනවා.

නෙදර්ලන්තය තවමත් කිසිදු තරගයක් ක්‍රීඩා කර නැහැ.

ප්‍රසාද ලකුණු සටහන –

  1. එංගලන්තය : තරග 9 – ප්‍රසාද ලකුණු 40
  2. පාකිස්තානය : තරග 6 – ප්‍රසාද ලකුණු 40
  3. ඔස්ට්‍රේලියාව : තරග 6 – ප්‍රසාද ලකුණු 40
  4. බංග්ලදේශය : තරග 7 – ප්‍රසාද ලකුණු 40
  5. නවසීලනතය : තරග 3 – ප්‍රසාද ලකුණු 30
  6. ඇෆ්ඝනිස්තානය : තරග 3 – ප්‍රසාද ලකුණු 30
  7. බටහිර ඉන්දීය කොදෙව් : තරග 6 – ප්‍රසාද ලකුණු 30
  8. ඉන්දියාව : තරග 6 – ප්‍රසාද ලකුණු 29
  9. සිම්බාබ්වේ : තරග 3 – ප්‍රසාද ලකුණු 10
  10. අයර්ලන්තය : තරග 6 – ප්‍රසාද ලකුණු 10
  11. දකුණු අප්‍රිකාව : තරග 3 – ප්‍රසාද ලකුණු 9
  12. ශ්‍රී ලංකාව : තරග 4 – ප්‍රසාද ලකුණු -2
    නෙදර්ලන්තය

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...