හෆීස්ට කොරෝනා බව යළි තහවුරු වෙයි – විනය ක්‍රියාමාර්ගත් ගැනීමේ තීරණයක්

Date:

පාකිස්තාන තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් හෆීස්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මේ වන විට යළිත් තහවුරු වී ඇතැයි වාර්තා වනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ ඔහුගෙන් පසුගියදා ලබා ගත් සාම්පල යළිත් වරක් පරීක්ෂා කිරීමේ දී මේ බව තහවුරු වී ඇති බවයි.

මොහොමඩ් හෆීස් ඇතුළු ක්‍රීඩකයින් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පසුගියදා පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළා.

නමුත් පසුව මොහොමඩ් හෆීස් විසින් පෞද්ගලික අවශ්‍යතාවය මත සිය පවුලේ සියලු සාමාජිකයින් සමග යළිත් වෛද්‍ය පරීක්ෂණයකට යොමු වූ අතර, එහිදී අණාවරණය වූයේ ඔවුන් කිසිදු අයෙකුට වෛරසය ආසාදනය වී නොමැති බවටයි.

ඒ අනුවයි ඔහුගෙන් පළමුව ලබා ගත් සාම්පල යළි පරීක්ෂාවකට ලක් කර තිබුණේ.

මේ අතර, වෛරසය ආසාදනය වූ සියලු දෙනා යළිත් වරක් වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දී තිබෙනවා.

එහි වාර්තා අද(27) දිනයේ දී ලැබීමට නියමිතයි.

එහිදී ද මොහොමඩ් හෆීස්ට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුවහොත් ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ද පාකිස්තාන ක්‍රිකට් ආයතනය කටයුතු කිරීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, පළමු වෛද්‍ය පරීක්ෂණයෙන් පසුව හුදෙකලාව කාලය ගත නොකර දෙවැනි වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දීමට ඔහු ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...