ජොෆ්ර ආචර් ශල්‍යකර්මයකට

Date:

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර් අද(21) දිනයේ දී ශල්‍යකර්මයකට මුහුණ දීමට නියමිතව තිබෙනවා.

ඔහුගේ දකුණු අතෙහි වැළමිට ප්‍රදේශයේ පවතින ආබාධය හේතුවෙන් ආචර් මෙම ශල්‍යකර්මයට මුහුණ දෙන බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

ඔහුට සම්පූර්ණ සුවය ලැබීම සදහා කොපමණ කාලයක් ගත වනු ඇත්දැයි මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

එංගලන්ත ප්‍රාන්ත තරගාවලිියේ දී සසෙක්ස් කණ්ඩායම නියෝජනය කරන ඔහු කෙන්ට් කණ්ඩායම සමග පසුගියදා පැවැති තරගයේ දී මෙම ආබාධයට යළි ගොදුරු වුණා.

ඒ හේතුවෙන් දෙවැනි ඉනිමේ දී ජොෆ්ර ආචර් යොමු කළේ පන්දුවාර 5ක් පමණයි.

අතෙහි සහ වැළමිටෙහි ආබාධ හේතුවෙන් මීට පෙර ද 26 හැවිරිදි ඔහුට තරග රැසක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...