5 වැනි තරගය එකට ගන්න ඉන්දියාව තාමත් ඉල්ලීමක් කළේ නැහැ : එංගලන්ත ක්‍රිකට් ආයතනය

Date:

එළඹෙන ඉන්දු – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන සංශෝදනය කිරීම සදහා මෙතෙක් ඉන්දීය ක්‍රිකට් ආයතනය නිල ඉල්ලීමක් සිදු කර නොමැති බව එංගලන්ත ක්‍රිකට් ආයතනය පවසනවා.

අතරමගදී අත්හිටුවීමට කටයුතු කෙරුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග 31 පැවැත්වීම සදහා ප්‍රමාණවත් කාලයක් සැප්තැම්බර් මාසයේ දී සකස් කර ගැනීමේ අරමුණින් ඉන්දියාව එවැනි ඉල්ලීමක් සිදු කර ඇති බවට පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් එංගලන්ත ක්‍රිකට් ආයතනය ඒ බව සදහන් කළා.

දෙරට අතර තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය අගෝස්තු 4 වනදා ආරම්භ වීමට නියමිත අතර, එය අවසන් වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 14 වනදායි.

අවසන් ටෙස්ට් තරගය සැප්තැම්බර් 10 වනදා සිට 14 වනදා දක්වා ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර. එම තරගය ජූලි අවසන් සතියේ දී පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් ඉන්දියාවේ අවධානය යොමුව ඇති බවටයි මාධ්‍ය වාර්තා පලව තිබුණේ.

කෙසේ වෙතත්, එවැනි සංශෝදනයක් සිදු කළහොත් ජූලි 21 වනදා ආරම්භ වීමට නියමිත “ද හන්ඩ්‍රඩ්” තරගාවලියට ඉන් බලපෑමක් එල්ල වනු ඇති.

එමෙන්ම මේ වන විටත් ඉන්දු – එංගලන්ත ටෙස්ට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම ද ආරම්භ කර අවසන්.

එවැනි කරුණු හේතුවෙන් ටෙස්ට් තරගාවලියේ තරග කාලසටහන සංශෝදනය කිරීම සදහා ඉල්ලීමක් ඉදිරිපත් වුවද එය සිදු කිරීම දැඩි අභියෝගයක් වනු නොඅනුමානය.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...