ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභීන් පස් දෙනා

Date:

තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරිමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල බංග්ලාදේශයේ රැඳී සිටිනවා.

බංග්ලාදේශ කණ්ඩායම සමග ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින ප්‍රථම එක්දින තරගය එළඹෙන 23 වනදා මෙරට වේලාවෙන් පස්වරු 12.30 ට ඩකාහී මීර්පූර් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

බංග්ලාදේශය තවමත් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගාවලි ජයග්‍රහණයක් ලබාගෙන නොමැති බැවින් මෙම තරගාවලිය ඔවුන්ට ඉතා වැදගත් වනු නොඅනුමානයි.

එමෙන්ම නව නායකත්වයක් යටතේ තරුණ ක්‍රීඩකයන්ගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි ජවයක් සහිතව තරගාවලියට පිවිසෙනු ඇති බවට බොහෝ ප්‍රේක්ෂකයන් බලාපොරොත්තුවෙන් පසුවනවා.

මේ දක්වා බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවති එක්දින තරග තුළ වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙලා ඇති පන්දු යවන්නන් පිළිබද ඔබ දැනුවත් කිරීමට අප තීරණය කළා.

ඒ අනුව දෙරට අතර පැවති එක්දින තරග තුළ වැඩිම කඩුලු සංඛ්‍යාවක් මේ වන විට බිද හෙලා ඇත්තේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරදිරන් විසින්.

බංග්ලාදේශයට එරෙහිව ඉනිම 17ක් තුළ දී ඔහු බිද හෙලා තිබූ කඩුලු සංඛ්‍යාව 31 ක්.

ශ්‍රී ලංකාව – බංග්ලාදේශ එක්දින තරග ඉතිහාසයේ වැඩිම කඩුලුලාභීන් පස් දෙනා පහතින් –

05. දිල්හාර ප්‍රනාන්දු

බංග්ලාදේශට එරෙහිව ඉනිම 13 ක් ක්‍රීඩා කර දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 22 ක්. පන්දු යැවීමේ සාමාන්‍ය 19.81 ක් ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර ඉනිමක කඩුලු හතරේ අවස්ථාවක් ලබාගෙන ඇත.

04. රුබෙල් හුසේන්

ශ්‍රී ලංකාවට එරෙහිව ඉනිම 16 ක් ක්‍රීඩා කර ලබාගෙන තිබෙන කඩුලු සංඛ්‍යාව 23 ක්. පන්දු යැවීමේ සාමාන්‍ය 31.17 ක් ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර. ඉනිමක කඩුලු හතරේ අවස්ථා 2 ක් ලබාගෙන ඇත.

03. මශ්රෆී මොටාසා

ශ්‍රී ලංකාවට එරෙහිව ඉනිම 22 ක් ක්‍රීඩා කර ලබාගෙන තිබෙන කඩුලු සංඛ්‍යාව 26 ක්. පන්දු යැවීමේ සාමාන්‍ය 37.15 ක් ලෙස පවත්වාගෙන ගොස් ඇත.

02. ලසිත් මාලිංග

බංග්ලාදේශට එරෙහිව ඉනිම 14 ක් ක්‍රීඩා කර ලබාගෙන තිබෙන කඩුලු සංඛ්‍යාව 27 ක්. පන්දු යැවීමේ සාමාන්‍ය 16.55 ක් ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර ඉනිමක කඩුලු හතරේ අවස්ථාවක් ද ලබාගෙන ඇත.

01 මුත්තයියා මුරලිදරන්

බංග්ලාදේශට එරෙහිව ඉනිම 17 ක් ක්‍රීඩා කර දවා ගෙන තිබෙන කඩුලු සංඛ්‍යාව 31 ක්. පන්දු යැවීමේ සාමාන්‍ය 17.22 ක් වශයෙන් පවත්වාගෙන ගොස් ඇති අතර ඉනිමක කඩුලු හතරේ අවස්ථාවක් සහ ඉනිමක කඩුලු පහේ අවස්ථාවක් ලබාගෙන ඇත.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...