අබුඩාබි නුවරට PSL ගෙනියන්න අවසර

Date:

කොරෝනා වසංගතය හේතුවෙන් අතරමගදී කල් දැමීමට සිදු වූ මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග අබුඩාබි හී දී පැවැත්වීම සදහා පාකිස්තාන ක්‍රිකට් ආයතනයට එක්සත් අරාබි එමීර් රජය විසින් අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව නවතම තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා කණ්ඩායම් හයේ හිමිකරුවන් සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) සාකච්ඡා කිරීමට කටයුතු කරන බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එම රැස්වීමේ දී තරගාවලියට අදාළ සියලු කරුණු පිළිබද අවසන් තීරණයකට එළඹීමට නියමිතව ඇති බව සදහන්.

තරගාවලියේ ඉතිරි තරග 20 කරච්චිහී දී ජූනි පළමු වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට මීට පෙර පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබූ නමුත්, කරච්චි නුවර පවතින කොවිඩ් 19 අර්බුදය සැලකිල්ලට ගනිමින් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට කටයුතු කිරීම සුදුසු බවටයි කණ්ඩායම් හිමිකරුවන්ගේ අදහස වූයේ.

ඒ සම්බන්ධයෙන් සදහන් කරමින් පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට එක්වන කණ්ඩායම් පාකිස්තාන ක්‍රිකට් ආයතනයට ලිපියක් ද යොමු කර තිබුණා.

ඒ අනුවයි ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීම සදහා අවශ්‍ය කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සහ එමිරේට්ස් බළධාරීන් අතර සාකච්ඡා සිදු වුණේ.

තරගාවලියට සම්බන්ධ ක්‍රීඩකයින් සහ නිළධාරීන් පිරිසකට කොවිඩ් 19 ආසාදනය වීමත් සමග පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ 6 වැනි අදියරේ තරග අතරමගදී අත්හිටුවීමට සිදු වූයේ පසුගිය මාර්තු 3 වැනිදායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...