කොරෝනා නිසා ඉන්දීය ක්‍රිකට් ආයතනය විශේෂ මහා සභා රැස්වීමක් කැදවයි

Date:

ඉදිරි තරග වාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් විශේෂ මහා සභා රැස්වීමක් කැදවා තිබෙනවා.

මැයි 29 වනදා එය වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

“ඉන්දියාවේ පවතින වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරි තරග වාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම” යනුවෙන් අදාළ රැස්වීම සම්බන්ධයෙන් ප්‍රාන්ත සංගම් දැනුවත් කිරීම සදහා ඉන්දීය ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක් වුණා.

රැස්වීමේ දී සාකච්ඡා කිරීමට නියමිත කරුණු සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් තොරතුරු අනාවරණය වී නැහැ.

කෙසේ වෙතත්, එය එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් කැදවා ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ලෝක කුසලාන තරගාවලිය ලබන ඔක්තෝබර් – නොවැම්බර් මාසවලදී ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතව ඇතත්, කොරෝනා වසංගතය හේතුවෙන් එය එරට දී පැවැත්වීම මේ වන විට අර්බුදයකට ලක්ව තිබෙනවා.

තරගාවලිය ඉන්දියාවේ දී පැවැත්වීමට නොහැකි වුවහොත් එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමටයි ජගත් ක්‍රිකට් කවුන්සලයේ අවධානය මේ වන විට යොමුව ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...