ශකිබ් සහ මුස්ටර්ෆිසුර් නිරෝධායනයෙන් නිදහස්

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වීමෙන් පසුව යළි බංග්ලාදේශය වෙත පැමිණි තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් සහ වේග පන්දු යවන ක්‍රීඩක මුස්ටර්ෆිසුර් රෙහ්මාන් නිරෝධායනයෙන් ඉවත් කර තිබෙනවා.

ඔවුන් පසුගිය 6 වැනිදා එරටට පැමිණි අතර, අනතුරුව දින 14ක නිරෝධායන කාලයක් ආරම්භ කළේ ඉන්දියාවේ සිට පැමිණෙන සියලු දෙනා එලෙස නිරෝධායනයට ලක් විය යුතු බැවින්.

කෙසේ වෙතත්, බංග්ලාදේශ ක්‍රිකට් බළධාරීන් දිගින් දිගටම එම නිරෝධායන කාලය අවම කර ගැනීම සම්බන්යෙන් එරට රජය සමග සාකච්ඡා පවත්වනු ලැබුවා.

ඒ, බංග්ලාදේශ – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය ලබන 23 වනදා ආරම්භ වන බැවින්.

ඒ අනුව සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණ දෙකකින් ද ඔවුන් දෙදෙනා සමත් වීමත් සමග මේ වන විට ඔවුන්ගේ දින 14ක නිරෝධායන කාලය දින කිහිපයකට පෙර අවසන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අද දිනයේ සිට බංග්ලාදේශ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා තරගාවලිය අරමුණු කර ගනිමින් පුහුණුවීම් ද ආරම්භ කරන නමුත්, ශකිබ් සහ මුස්ටර්ෆිසුර් ඒ සදහා සහභාගී වන්නේ ද යන්න මෙතෙක් අණාවරණය වන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...