බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයත් කල් යයි

Date:

ලබන මාසයේ දී සිදු කිරීමට නියමිත වූ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය කල් දැමීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.

තරගාවලිය සදහා සූදානම් වීමට එරට ක්‍රිකට් ක්‍රීඩකයින්ට තවමත් සුදුසු වාතාවරණයක් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් උදා වී නොමැති බවටයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් මෙරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත්තේ.

ඒ අනුව තරගාවලිය වෙනත් සුදුසු කාලයකදී පැවැත්වීමට දෙරටේ ක්‍රිකට් ආයතන එකගතාවයකට එළඹ ඇති බව සදහන්.

මෙම තරග සංචාරයේ දී දෙරට අතර ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් ටෙස්ට් තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබුණා.

මීට පෙර එංගලන්ත, දකුණු අප්‍රිකා සහ ඉන්දීය කණ්ඩායම් සමග මෙරට දී පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලි ද කොරෝනා වසංගත අර්බුදය හමුවේ කල් දැමීමටයි තීරණය කෙරුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...