ඉන්දීය කාන්තා කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස රමේෂ් පත් කෙරේ

Date:

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස රමේෂ් පවර් පත් කර තිබෙනවා.

ප්‍රධාන පුහුණුකාර ධූරය සදහා අයදුම්පත් 35කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබූ බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ත්‍රිපුද්ගල ක්‍රිකට් උපදේශක කමිටුව විසින් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයකට ලක් කර තිබූ අතර, එහිදී රමේෂ් පවර් අදාළ ධූරය සදහා පත් කිරීමට ඒකමතිකව තීරණය කළ බව සදහන්.

ඉන්දීය හිටපු ක්‍රීඩකයෙකු වන පවර් ටෙස්ට් තරග දෙකකට සහ එක්දින තරග 31කට ක්‍රීඩා කර තිබුණා.

මීට පෙර 2018 වසරේ ජූලි සිට නොවැම්බර් දක්වා ඉන්දීය කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද ඔහු කටයුතු කළා.

ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ඉන්දීය කාන්තා කණ්ඩායම 2018 පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගත්තා.

මෑතකදී මුම්බායි කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ රමේෂ් පවර් එහිදී මුම්බායි කණ්ඩායමට විජේ හසාරේ කුසලානය ද දිනා ගැනීම වෙනුවෙන් දායකත්වය දක්වනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...