“බය නැති ක්‍රිකට් ගැහුවොත් විතරයි වැටිල ඉන්න නැතින් එළියට එන්න පුලුවන්” : කුසල් ජනිත්

Date:

පරාජයට බිය වී තරග ජය ගත නොහැකි බැවින් බියකින් තොරව ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීම අතිශය වැදගත් බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නව නායක කුසල් ජනිත් පෙරේරා පවසනවා.

අද(13) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සදහන් කළේ සියලු ක්‍රීඩකයින් සියයට සියයක් සිය දායකත්වය තරගයකදී කණ්ඩායමට ලබා දිය යුතු බවයි.

සියලු ක්‍රීඩකයින් තම තමන්ගේ වැරැදි හදුනා ගනිමින් ඒවා නිවැරැදි කර ගත යුතු බවත්, තමාගේ ස්ථානය රැක ගැනීම වෙනුවෙන් ක්‍රීඩාවේ නිරත වුවහොත් ක්‍රීඩකයින්ගෙන් සියයට සියයක දායකත්වයක් කණ්ඩායමට ලබා ගත නොහැකි බවත් කුසල් ජනිත් මෙහිදී පෙන්වා දුන්නා.

කොපමණ කාලයක් සදහා තමාට නායකත්වය භාර දුන්නේ ද යන්න සම්බන්ධයෙන් තමාව දැනුවත් කිරීමක් සිදු නොකළ බව ද ඔහු සදහන් කළා.

“මම නායකත්වයක් බලාපොරොත්තුවෙන් හිටිය කෙනෙක් නෙවෙයි. මම ගිහිල්ල ඉල්ලලා ගත්ත දෙයක් නෙවෙයි. මට වගකීමත් දෙන්න තමයි එයාලා කතා කරේ. ඉතිං මම දන්නේ නෑ කොච්චර කාලෙකට එයාලා (තේරීම් කමිටුව) සැලසුම් කරලා තියෙනවාද කියලා. මගෙ පැත්තෙන් මම බලන්නේ ජයග්‍රාහී සංස්කෘතියක් කණ්ඩායමේ හදන්න ඕනෙ. එක පාරටම ඒක හදන්න බෑ.” යනුවෙන් කුසල් ජනිත් සදහන් කළා.

“බය නැති ක්‍රිකට් ගැහුවොත් විතරයි අපිට වැටිල තියෙන නැතින් එළියට එන්න පුලුවන්. බයේ ගහන්න ගහන්න වෙන්නේ අපි තව ඇතුළට වැටන එක විතරයි. තමන්ව විශ්වාස කරලා තමන් දන්න දේ  ක්‍රීඩාංගනයට ගිහිං කරන්න පුලුවන් විශ්වාසයක් ක්‍රීඩකයින්ට දෙන්න තමයි මම හදන්නේ. ඒ විදිහ සංස්කෘතියක් කමයි මම හදන්න බලාපොරොත්තුවෙන්නේ”

එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය සම්බන්ධයෙන් ද මෙහිදී ඔහු අදහස් පළ කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා බංග්ලාදේශ ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර අත්දැකීම් වැඩි වුවත්, ශ්‍රී ලංකා නවක ක්‍රීඩකයින් දේශීය පිටියේ දී ලබා ගත් අත්දැකීම් ජාත්‍යන්තර පිටිය තුළට ගෙන යාම වැදගත් බවයි කුසල් ජනිත් මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරග 3කින් යුත් එක්දින තරගාවලිය ලබන 23 වනදා ඩකා හී දී ආරම්භ වන අතර, ඊට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් ලබන 16 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...