සුපිරි පිතිකරු බබාර්ව වැඩිම වාරයක් දවා ගත් පන්දු යවන්නන් දෙදෙනා අතරට ශ්‍රී ලාංකිකයෙකුත්

Date:

වර්තමාන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන පිතිකරුවන් අතරින් වඩාත් කතා බහකට ලක්වෙන, මනා තාක්ෂණයකින් යුතුව පිත්ත හසුරුවන විශිෂ්ඨ පිතිකරුවෙක් තමයි බබාර් අසාම් කියන්නේ.

මේ වන විට විරාට් කෝලි ද අභිබවා යමින් අයි.සී.සී එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට පාකිස්තාන නායක බබාර් අසාම් සමත්ව තිබීම ඔහුගේ විශිෂ්ඨත්වය මොනවට පැහැදිලි කරනවා.

එමෙන්ම විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හී තුන්වන ස්ථානයේ පසුවන බබාර් අසාම් ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හී දහවන ස්ථානයේ රැඳී සිටිනවා.

ටෙස්ට් පිටියේදී 42.52 ක පිතිකරණ සාමාන්‍යක් හා විස්සයි විස්ස පිටියේදී 47.32 ක පිතිකරණ සාමාන්‍යක් පවත්වාගෙන යන ඔහු එක්දින පිටියේදී 56.83 ක විශිෂ්ඨ පිතිකරණ සාමාන්‍යක් පවත්වාගෙන යාම විශේෂත්වයක්.

මේ විශිෂ්ඨ පිතිකරුවාව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී වැඩිම වාර ගණනකදී දවා ගත් පන්දු යවන්නන් දෙදෙනා අතරට ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු ද ඇතුළත්ව ඇති බව ඔබ දැන සිටියාද?

ඔහු දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්.

විවාදයකින් තොරවම සුපිරි පිතිකරුවෙකු ලෙස පිළිගත හැකි බබාර් අසාම්ව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී වැඩිම වාර ගණනක් දවාගෙන තිබෙන පන්දු යවන්නා වන්නේ ඕස්ට්‍රේලියානු වේග පන්දුයවන ක්‍රීඩක ජෝෂ් හේසල්වුඩ්.

ඔහු අවස්ථා 08 කදී බබාර්ව දවාගැනීමට සමත්ව තිබෙනවා.

ජෝෂ් හේසල්වුඩ්ට එරෙහිව බබාර් අසාම් පවත්වාගෙන ගොස් ඇත්තේ 13.87 ක පිතිකරණ සාමාන්‍යක් පමණයි.

හේසල්වුඩ්ට පසුව ක්‍රිකට් පිටියේ වැඩිම අවස්ථාවන් ගණනකදී බබාර් අසාම්ව දවාගත් පන්දුයවන්නා වන්නේ ශ්‍රී ලංකා වේග පන්දුයවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්.

ප්‍රදීප් අවස්ථා 05 කදී බබාර්ව දවාගැනීමට සමත්ව තිබෙනවා.

නුවන් ප්‍රදීප්ට එරෙහිව බබාර් අසාම් පවත්වාගෙන ගොස් ඇත්තේ 7.4 ක පිතිකරණ සාමාන්‍යක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...