LPL තරගාවලියේ දෙවන අදියරට දින නියම වෙයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර සදහා දින නියම කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ලබන ජූලි 30 වනදා සිට අගෝස්තු 22 වනදා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිත බවයි.

මෙහි පළමු අදියර පසුගිය වසරේ දී හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී සාර්ථකව පවත්වා අවසන් කෙරුණා.

කණ්ඩායම් 5කගේ සහභාගීත්වයෙන් පැවැති තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමයි.

ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ පළමු අදියර පැවැති අතර, දෙවැනි අදියර සංවිධාන කිරීමේ දී ද ඉදිරියේ දී රටේ පවතින සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තක්සේරුවක් සිදු කරනු ඇති.

ඒ අනුව තරගාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සමග සාකච්ඡා පවත් වන බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

“මේ වසරේ තරගාවලිය පැවැත්වීම සදහා සුදුසු කාලයක් අපි හොයා ගත්තා. අපි දැනට තරගාවලියේ අනෙක් කරුණු සකස් කර අවසන් කිරීමට කටයුතු කරමින් ඉන්නවා.” යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරණ කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...