ශ්‍රී ලංකා සංචාරයට රාහුල් ඩ්‍රාවිඩ් එක්වන ලකුණු

Date:

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ දී ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස රාහුල් ඩ්‍රාවිඩ් පත් කිරීමට ඉඩ ඇති බව වාර්තා වනවා.

ඒ, ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ට්‍රී ඇතුළු පුහුණු කාර්යය මණ්ඩලය ඉන්දීය කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයට එක් වීමට නියමිතව ඇති බැවින්.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර ජූනි 18 වනදා සිට 22 වනදා දක්වා එංගලන්තයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර, අනතුරුව අගෝස්තු මස මුල දී ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියක් එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව නිරෝධායන නීති හේතුවෙන් මෙන්ම එංගලන්ත ටෙස්ට් තරගාවලිය අරමුණු කර ගනිමින් ඉන්දීය ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින් අතරම පුහුණු තරග ද පැවැත්වෙන බැවින් ටෙස්ට් ක්‍රීඩකයින්ට සහ පුහුණු කාර්යය මණ්ඩලයට ශ්‍රී ලංකා තරග සංචාරයට එක් වීමට නොහැකි වනු ඇති.

එම නිසා රාහුල් ඩ්‍රාවිඩ් සහ එරට ජාතික ක්‍රිකට් ඇකඩමියේ සිටින ඔහුගේ කාර්යය මණ්ඩල සාමාජිකයින් ශ්‍රී ලංකා තරග සංචාරයේ දී ඉන්දීය කණ්ඩායමේ පුහුණුකාරීත්වයේ වගකීම භාර ගැනීමට ඉඩ ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

එංගලන්ත සංචාරය නිසා විරාට් කෝලි, රෝහිට් ෂර්මා, රිෂාබ් පාන්ට්, කේ.එල්. රාහුල්, ජස්ප්‍රිට් බුම්රා සහ රවීන්ද්‍ර ජඩේජා වැනි ප්‍රබල ඉන්දීය ක්‍රීඩකයින් රැසක් ශ්‍රී ලංකා තරගාවලිය සදහා එක් නොවීමට ඉඩ ඇති අතර, ශිකර් දවාන්, සංජු සැම්සන්, ප්‍රිත්වි ෂෝ, සූර්යකුමාර් යාදෙව්, ඉෂාන් කිෂන්, හර්ඩික් පාන්ඩ්යා, රාහුල් තෙවාටියා, කෘනල් පාන්ඩ්යා, බුවනේෂ්වර් කුමාර්, ජයිදෙව් උනඩ්කට්, දීපක් චහාර්, නව්දීප් සයිනි, කලීල් අහ්මඩ්, යුස්වේන්ද්‍ර චහෙල්, රාහුල් චහාර්, කුල්දීප් යාදෙව්, වරුන් චක්‍රවර්තී වැනි ක්‍රීඩකයින් ශ්‍රී ලංකා සංචාරය සදහා එක්වීමට අවස්ථාවක් පවතිනවා.

තරග සංචාරය ආරම්භ කරමින් ඉන්දීය කණ්ඩායම ජූලි 5 වනදා මෙරටට පැමිණෙන බවට වාර්තා වන අතර, එක්දින තරග තුන ජූලි 13, 16 සහ 19 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

20යි 20 තරග ජූලි 22, 24 සහ 27 යන දිනවලදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව සදහන්. ALSO READ : T 20 පහ තුනට බසියි

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...