T 20 පහ තුනට බසියි, ඉන්දු – ශ්‍රී ලංකා තරග කාලසටහන මෙන්න

Date:

ඉන්දීය කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ දී එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 3ක් පමණක් පැවැත්වෙන බව වාර්තා වනවා.

කෙසේ වෙතත්, ඊයේ දිනයේ දී ඉන්දීය මාධ්‍යයකට අදහස් දක්වමින් එරට ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි සදහන් කර තිබුණේ ශ්‍රී ලංකා සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 5ක් පැවැත්වීමට නියමිත බවයි. ALSO READ : ශ්‍රී ලංකාව තරග වදින ඉතිහාසයේ දීර්ඝතම T 20 තරගාවලිය ඉන්දියාවට එරෙහිව

නමුත්, අදාළ තරග සංචාරයේ දී 20යි 20 තරග තුනක් පැවැත්වෙන බවත්, එම තරග ජූලි 22 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වෙනු ඇති බවත්, අද(10) දිනයේ දී ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළා.

20යි 20 තරගාවලියට පෙර එක්දින තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

තරග සංචාරය ආරම්භ කරමින් ඉන්දීය කණ්ඩායම මෙරටට පැමිණෙන්නේ ජූලි 5 වනදායි.

ඉන්දීය ක්‍රීඩකයින් මෙරටට පැමිණීමෙන් පසුව දින 7ක කාලයක් ඔවුන් නිරෝධායනයට ලක් වීමට නියමිත අතර, එය කොටස් දෙකකින් යුතු වනවා.

ඒ අනුව පළමු දින තුනේදී ක්‍රීඩකයින් ඔවුන්ගේ හෝටල් කාමර තුළම රැදී සිටිය යුතුයි.

සිව්වැනි දිනයේ සිට ක්‍රීඩකයින්ට දැඩි සීමා යටතේ පුහුණුවීම් කටයුතු ආරම්භ කළ හැකි බව සදහන්.

එක්දින තරග තුන ජූලි 13, 16 සහ 19 යන දිනවලදී පැවැත්වීමට නියමිත අතර, 20යි 20 තරග ජූලි 22, 24 සහ 27 යන දිනවලදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය සදහන් කළේ.

තරගාවලිය අවසන් කිරීමෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායම ජූලි 28 වනදා යළි ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

මෙම තරගාවලිය සදහා විරාට් කෝලි, රෝහිට් ෂර්මා, රිෂාබ් පාන්ට්, කේ.එල්. රාහුල්, ජස්ප්‍රිට් බුම්රා සහ රවීන්ද්‍ර ජඩේජා වැනි ප්‍රබල ඉන්දීය ක්‍රීඩකයින් රැසක් එක් නොවනු ඇති.

ඒ, ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර ජූනි 18 වනදා සිට 22 වනදා දක්වා එංගලන්තයේ දී පැවැත්වීමට නියමිතව තිබීම සහ අනතුරුව අගෝස්තු මස මුලදී ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියක් එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිතව තිබීම හේතුවෙන්.

ජූලි මාසයේ දී ඉන්දියාවට ශ්‍රී ලංකා තරගාවලිය හැරුණු විට වෙනත් කිසිදු තරගාවලියක් නොමැති නමුත්, එංගලන්තයේ  සහ ශ්‍රී ලංකාවේ පවතින නිරෝධායන නීති නිසා ටෙස්ට් ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා තරග සංචාරය සදහා පැමිණීමට හැකි වන්නේ නැහැ.

එංගලන්ත ටෙස්ට් තරගාවලිය අරමුණු කර ගනිමින් ජූලි මාසයේ දී ඉන්දීය ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින් අතරම පුහුණු තරග ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එංගලන්ත ටෙස්ට් තරග සංචාරයට එක් නොවන ශිකර් දවාන්, බුවනේෂ්වර් කුමාර්, හර්ඩික් පාන්ඩ්යා, යුස්වේන්ද්‍ර චහෙල්, සංජු සැම්සන්, ප්‍රිත්වි ෂෝ, දීපක් චහාර්, රාහුල් චහාර්, කුල්දීප් යාදෙව්, වරුන් චක්‍රවර්තී, ජයිදෙව් උනඩ්කට්, රාහුල් තෙවාටියා වැනි ක්‍රීඩකයින් ශ්‍රී ලංකා තරග සංචාරය සදහා නම් කිරීමට ඉඩ තිබෙනවා.

තරග පැවැත්වෙන ක්‍රීඩාංගන සම්බන්ධයෙන් මෙතෙක් අණාවරණය වී නොමැති බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

තරග සියල්ල ප්‍රේක්ෂක සහභාගීත්වයක් නොමැතිව පැවැත්වීමට ද වැඩි ඉඩක් පවතිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...