කොරෝනාවට එරෙහි සටනට සන්රයිසස් හිමිකරුවන්ගෙන් කෝටි 30ක්

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට තරග කරන සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ හිමිකාරීත්වය විසින් ඉන්දියාවේ පවතින කොරෝනා වසංගතයට එරෙහි සටන වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 30ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

සන් ටී.වී. මාධ්‍ය ජාලය (Sun TV Network) විසිනුයි සන්රයිසස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරනු ලබන්නේ.

සමාජජාලා මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිතුක් කරමින් එම කණ්ඩායමේ හිමිකරුවන් සදහන් කළේ කොරෝනා වසංගතයට එරෙහි ඉන්දීය රජයේ සහ ප්‍රාන්ත රජයන්හි වැඩසටහන් වෙනුවෙන් මෙම පරිත්‍යාගය සිදු කළ බවයි.

මෙවර අතරමගදී අත්හිටුවීමට පියවර ගැණුනු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 29ක් අවසන් වන විට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම තරග 7කට ක්‍රීඩා කර එක් තරගයක් පමණක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවුණා.

එම කණ්ඩායමේ ව්රිධිමන් සහාට ද කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...