ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් ගැටුමෙන් පාන්ඩ්යා ඉවතට – ඉන්දීය සංචිතය මෙන්න

Date:

පළමු ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා වන ඉන්දීය සංචිතය අද(7) පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරුණා.

විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත්.

එමෙන්ම අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙකු ද නම් කිරීමටයි ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

කේ.එල් රාහුල් සහ ව්රිධිමන් සහා ද ඉන්දීය සංචිතයට ඇතුළත්ව ඇතත්, ඔවුන් ශාරීරික යෝග්‍යතාවය සුදුසු මට්ටමක පැවැතියහොත් පමණක් සංචිතය සමග එක් වනු ඇති.

මෙම සංචිතය සදහා හර්ඩික් පාන්ඩ්යා සහ ප්‍රිත්වි ෂෝ නම් කර නැහැ.

ආබාධයකට ලක්ව සිටි රවීන්ද්‍ර ජඩේජා යළි සංචිතයේ ස්ථානය හිමි කර ගෙන ඇති අතර, ඔහු වෙනුවට නිමා වූ එංගලන්ත ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කළ අක්සාර් පටෙල් ද සිය ස්ථානය රැක ගැනීමට සමත්ව තිබෙනවා.

ඒ, අදාළ තරගාවලියේ දී දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන්.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය නවසීලන්තයට එරෙහිව එංගලන්තයේ සවුත්හැම්ටන් හී දී පැවැත්වීමට නියමිතයි.

එම තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ජූනි 18 වනදායි.

මේ අතර, අගෝස්තු මාසයේ දී එංගලන්තයට එරෙහිව ආරම්භ වන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා ද මෙම සංචිතයේ ක්‍රීඩකයින්ම එක් වන බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

අගෝස්තු 4 වැනිදා සිට සැප්තැම්බර් 14 වනදා එම ටෙස්ට් තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

India’s squad:

Rohit Sharma, Shubman Gill, Mayank Agarwal, Cheteshwar Pujara, Virat Kohli (C), Ajinkya Rahane (vc), Hanuma Vihari, Rishabh Pant (wk), R. Ashwin, Ravindra Jadeja, Axar Patel, Washington Sundar, Jasprit Bumrah, Ishant Sharma, Mohd. Shami, Md. Siraj, Shardul Thakur, Umesh Yadav, KL Rahul, Wriddhiman Saha (wk) 

Standby players:

Abhimanyu Easwaran, Prasidh Krishna, Avesh Khan, Arzan Nagwaswalla

ALSO READ : නවසීලන්ත ටෙස්ට් සාමාජිකයින් 4ක් දිල්ලියේ ජෛව ආරක්ෂිත බුබුලකට – බෝල්ට් යළි සියරටට

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...