ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු ජෝ රූට්ට පමණක් දෙවනි වෙද්දී දික්වැල්ලත් ඉදිරියට

Date:

2021 වසරේ ජනවාරි පළමු වැනිදායින් ඇරඹි නව වර්ෂය තුළ මේ දක්වා ඉහළම ටෙස්ට් ලකුණු රැස් කර ඇති පිතිකරුවන් හය දෙනා අතර රැඳී සිටීමට ළහිරු තිරිමාන්න ඇතුළු ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනෙකු සමත්වී තිබෙනවා.

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් දැක් වූ දක්ෂතා ද මීට හේතු වුණා.

වාර්තා රැසක් අලුත් වෙමින් පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන් ද දක්ෂතා දැක්වූ අපූර්ව තරගාවලියක් ලෙස මෙම තරගාවලිය හදුන්වන්න පුලුවන්.

පන්දුවෙන් සුවිශේෂී දක්ෂතා දක්වමින් නවක දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම දෙවන තරගයේ විරයා බවට ද පත් වූ අයුරු කිසිසේත් අමතක කරන්නට බැහැ.

මෙම තරගාවලිය පුරා ඉනිම 3 කදී ද්විත්ව ශතකයක්, ශතකයක් හා අර්ධ ශතකයක් වාර්තා කරමින් දිමුත් කරුණාරත්න ලකුණු 428 ක් රැස්කිරීමට සමත් වුණා.

තරගාවලියේ ඉහළම ලකුණු ලාභියා වු දිමුත් තරගාවලියේ වීරයා සම්මානය ද දිනා ගත්ත්තා.

එමෙන්ම මෙම තරගාවලියේ ආරම්භක පිතිකරුවෙකු වූ ළහිරු තිරිමාන්න සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ද පිත්තෙන් දස්කම් පෑමට සමත්වුණා.

මේ වසරේ ඉහළම ටෙස්ට් ලකුණු ලාභීන් අතරින් ළහිරු තිරිමාන්න දෙවැනි වන්නේ එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායක ජෝ රූට්ට පමණයි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී තරමක පසුබැසීමක් පෙන්නුම් කර සිටි ළහිරු තිරිමාන්න මේ වන විට සිය ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ හොඳම කාලය ගත කරමින් සිටින බවනම් නොරහසක්.

මේ වසරේ ඉහළම ටෙස්ට් ලකුණු ලාභීන් අතර තෙවන ස්ථානය දිමුත් කරුණාරත්නටත්, හයවන ස්ථානයේ නිරෝෂන් දික්වැල්ලටත් හිමිව තිබෙනවා.

2021 වසරේ ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස්කරගෙන සිටින පිතිකරුවන් 06 දෙනා –

06. නිරෝශන් දික්වැල්ල ( ශ්‍රී ලංකාව )

ටෙස්ට් තරග 7 යි, ඉනිම 12 යි – රැස්කර සිටින ලකුණු සංඛ්‍යාව 463 ක්. පිතිකරණ සාමාන්‍ය 42.09 ක්.

05. රෝහිට් ශර්මා ( ඉන්දියාව )

ටෙස්ට් තරග 6 යි, ඉනිම 11 යි – රැස්කර සිටින ලකුණු සංඛ්‍යාව 474 ක්. පිතිකරණ සාමාන්‍ය 47.40 ක්.

04. රිශාබ් පාන්ට් ( ඉන්දියාව )

ටෙස්ට් තරග 6 යි, ඉනිම 10 යි – රැස්කර සිටින ලකුණු සංඛ්‍යාව 515 ක්. පිතිකරණ සාමාන්‍ය 64.37 ක්.

03. දිමුත් කරුණාරත්න ( ශ්‍රී ලංකාව )

ටෙස්ට් තරග 5 යි, ඉනිම 09 යි – රැස්කර සිටින ලකුණු සංඛ්‍යාව 624 ක්. පිතිකරණ සාමාන්‍ය 69.33 ක්.

02. ළහිරු තිරිමාන්න ( ශ්‍රී ලංකාව )

ටෙස්ට් තරග 7 යි, ඉනිම 13 යි – රැස්කර සිටින ලකුණු සංඛ්‍යාව 659 ක්. පිතිකරණ සාමාන්‍ය 50.69 ක්.

01. ජෝ රූට් ( එංගලන්තය )

ටෙස්ට් තරග 6 යි, ඉනිම 12 යි – රැස්කර සිටින ලකුණු සංඛ්‍යාව 794 ක්. පිතිකරණ සාමාන්‍ය 66.16 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...